EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Housefull 3 (2016) | හවුස්ෆුල් 3

 

මූවි එකට IMDB අගය 5.5 ක් ලැබිල තියෙනව, ඒ වගේම ෆිල්ම් එකේ සියලුම දර්ශන රූගත කරල තියෙන්නෙ එංගලන්තෙ, ෆිල්ම් එක පටන් ගත්ත වෙලාවෙ ඉඳල හොඳ වින්දනයක් ලබා ගන්න පුලුවන් ෆිල්ම් එකක්, හින්දි ගීත වලට ආස කට්ටියටත් හොඳ අවස්ථාවක්, ලස්සන හින්දි ගීත ගණනාවක්ම මූවි එකට ඇතුළත් කරල තියෙනව, ඒ වගේම බොලිවුඩ් සිනමාවෙ ඔයාල අඳුනන චරිත ගොඩක් ඉන්නව, වෙන වෙනම මතක් කරන්න අමාරුයි, මොකද ඇක්ටර්ස්, ඇක්ට්‍රස්ල ගොඩක් ඉන්න නිසා, ප්‍රධාන චරිත තුන විදිහට රඟ දක්වන්නෙ, Akshay Kumar, Riteish Deshmukh, Abhishek Bachchan. ඒ වගේම සබ් එකේ ගැටලුවක් තිබුනොත් සියලු දෙනාගෙන්ම සමාව ඉල්ලන අතර අපි මූවි එකේ අභ්‍යන්තරය පැත්තට හැරෙමු…

ඉතින් මම කලින් කිවුව විදිහට මූවි එකේ සියලු ජවනිකා රූගත කරල තියෙන්නෙ එංගලන්තයේ, ෆිල්ම් එකේ හැටියට Akshay Kumar, මෙයාට කියන්නෙ ‘සැන්ඩි’ කියල, ෆිල්ම් එකේ හැටියට ‘සැන්ඩි,’ පාපන්දු ක්‍රීඩකයෙක්, Riteish Deshmukh, ෆිල්ම් එකේ හැටියට මෙයාට කියන්නෙ ‘ටෙඩී’ කියල. මෙයා කාර් රේස් තරඟ කරුවෙක්. ඊළඟ ප්‍රධාන චරිතය තමයි, Abhishek Bachchan. ෆිල්ම් එකේ හැටියට එයාට කියන්නෙ ‘බන්ටි’ කියල, එයා රැප් ගායකයෙක්. ඉතින් කතාවෙ ‘සැන්ඩි,’ එයාගෙ පාපන්දු පිටියෙ සෙල්ලම් කරමින් ඉන්න අතරෙ එයාව යම් හේතුවක් නිසා පිටියෙන් ඉවත් කරනව, මේ කාරණාව නිසා ‘සැන්ඩි’ ගෙ මානසික මට්ටම ගොඩක් අවුල් වෙනව, ඒ අතරෙ ෆිල්ම් එකේ ‘ටෙඩී,’ එයාවත් යම් හේතුවක් නිසා තරඟයෙන් ඉවත් කරනව, එතකොට ‘බන්ටි’ ට සිද්ධ වෙන්නෙත් ඒ වගේම දෙයක්, එයාවත් කුසලතා පරීක්ෂණයකින් ඉවත් කරනව, මේ තුන් දෙනාට තියෙන්නෙ අරමුණු තුනක්, ඒ හැම අරමුණක්ම සම්පූර්ණ කර ගන්න එයාලට මුදල් අවශ්‍ය වෙනව, ඒකට උපායක් විදිහට මේ තුන්දෙනා ලංඩන් වල ඉන්න ලොකු ධනවතෙකුගෙ දුවල තුන්දෙනෙක් එක්ක යාලු වෙනව, මේ තුන්දෙනා උත්සාහ කරන්නෙ ගෑනු ළමයි තුන්දෙනාව විවාහ කරගෙන, එයාලට අයිති දේපල අයිති කර ගන්න, ඉතින් එයාලගෙ අරමුණ ඉටු කර ගන්න එක පහසු දෙයක් වෙන්නෙ නෑ එයාලට, මොකද ඒ ගෑනු ළමයින්ගෙ පියා දරුණු පුද්ගලයෙක්, ඒක නිසා ‘සැන්ඩි,’ ‘ටෙඩී,’ ‘බන්ටි’ කියන තුන් දෙනාට ගොඩාක් දේවල් කරන්න වෙනව එයාලගෙ ආදරය සහ අරමුණු ඉටු කර ගන්න. ඒ වගේම මෙතනින් එහාට විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ, මේ තුන්දෙනාට මොකක්ද වෙන්නෙ කියල දැන ගන්න නම්, ෆිල්ම් එක බලන්නම වෙනව.

Comments