EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Indian 2 (2024) | ගෙදර පිරිසිදු නම් රටත් පිරිසිදුයි

 

ඔබ අප වැඩි දෙනෙකු නරඹා තිබෙන 1996 වසරේදි නිකුත් තිරගත කරන ලද INDIAN 1996 සිනමා පටයේ දෙවැන්න ලෙස මෙම සිනමාපටය හඳුන්වන්නට පුලුවන් මෙහි පළමු වැනි සිනමාපටය සඳහා මා විසින්ම නිර්මාණය කරන ලද සිංහල උපසිරැසිය අපගේ වෙබ් අඩවියෙන් ලබාගත හැක. දමිළ සිනමා රසිකයින් බොහෝ දෙනෙකු INDIAN 1996 සිනමාපට නරඹා ඇති බවට මා විශ්වාස කරන අතර පළමු කොටස නරඹා නැති රසිකයකු වේ නම් මුලින්ම පළමු කොටස නරඹා දෙවන කොටස නරඹන ලෙසට මා යෝජනා කිරීමට කැමතියි.

මේ වසරේ ජූලි මස 12 වනදා මිශ්‍ර ප්‍රතිචාර සමාලෝජන සමඟින් ලොවපුරා තිරගත කරීම ආරම්භවූ ඉන්දියන් 2 සිනමාපටයේ අන්තර්ගතය පිළිබඳව යමක් සඳහන් කලහොත් මෙය පළමු සිනමාපටයේ මෙන්ම අල්ලස් ගැනීමට විරුද්ධව නැගීසිටීම අලලා නිමැවුනු කතාවක් ඇති අතර, මුල් සිනමාපටයේ ප්‍රධාන චරිතය වන කමල් හාසන් විසින් හොබවන ලද සේනාපති නොහොත් ඉන්දියන් යන චරිතය දැකබලා ගත හැක. ඒ වාගේම එම චරිතය සමඟින් Tom and Jerry සෙල්ලමෙහි යෙදුනු ක්‍රිෂ්ණස්වාමි යන චරිතයද දැක ගත හැක. මෙයි පළමු වැනි කොටසේ අධක්‍ෂවරයා වන දමිළ සිනමා අධ්‍යක්‍ෂ ශංකර් විසින් මෙම සිනමාපටයද අධ්‍යක්‍ෂණය කරනු ලබනවා. ලයිකා සමාඟම විසින් මෙහි නිෂ්පාදන කටයුතු සිදුකරන අතර මෙහි සංගීත අධ්‍යක්‍ෂණය අනිරුද් විසින් සිදුකරනු ලබනවා.

සිනමාපටයේ තිබෙන තවත් විශේෂ කරුණක්ම් නම් මෙහි ප්‍රධාන චරිතයන් හොබවන නළුවන් තිදෙනකු වන Vivek – ඉලංගෝ , Nedumudi Venu – ක්‍රිෂ්ණස්වාමි චරිතය , Manobala – නන්ජුන්දා මූර්ති චරිතය මෙම සිනමාපටයේ රූගතකිරීම් කටයුතු සිදුකරන කාලසීමාවේදි මියගොස් ඇති අතර ඔවුන් සිටිනා ඉතිරි ජවනිකාවන් ඔවුන් ජීවමානව සිටිනා කාලයේදි මෙන් නිර්මාණය කර ඇත්තේ AI තාක්‍ෂණය උපයෝගි කරගෙනය. තවද මෙම චිත්‍රපටයේ තුන්වන කොටසක්ද ලබන වසරේ නිකුත් වන අතර එහි ට්‍රේලරය මෙම චිත්‍රපටය අවසානයේ ධාවනය කිරීමද විශේෂ කරුණක් වන අතර මෙම ඉන්දියන් 2 චිත්‍රපටය නිර්මාණ කටයුත්ත සඳහා කමල් හාසන් අසහාය නළුවා කැමැත්ත පලකර ඇත්තේ තුන්වන කොටසේ තිබෙන කතාව හේතුවෙන් බව සිනමාව සබැඳි මාධ්‍ය විසින් ප්‍රකාශකර සිටියා.

Comments

October 20, 2024

❤️👌