CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3220 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 17, 2015United States95 Min.
Your rating: 0
8.6 10 votes
Inside Out (2015) | ලස්සන මතකයක් නිර්මාණය වෙන්නේ එහි සතුටයි දුකයි දෙකම ගැබ්ව තියෙන විටයි.

 

1. හැදින්වීම

මෙම චිත්‍රපටය නිමැවෙන්නේ Pixar ආයතනෙය් සහ Disney ආයතනයේ එකතුවෙනි. Pete Docter විසින් රචනා කල කථාවකට අනුව ඔහුගේම අධ්‍යක්ෂණයෙන් හා Jonas Rivera ගේ නිෂ්පාදන සහයෙන් නිර්මාණය වන Animation/Comedy ගණයට අයත් මෙම චිත්‍රපටයේ මුල් පදනම වැටෙන්නේ 2011 වසරේ. නමුත් මෙම චිත්‍රපටය නිකුත් වන බව මුලින්ම දැනුම් දුන්නේ 2013 වසරේ අගෝස්තු මාසයේ. ඒ සමගම හඩකැවීම් සහ. පූර්ව ප්‍රචාරක පටය 2014 දීම එළි දැක්වීම් සිදුඋණා මේ නිර්මාණය සිදු කල Disney ආයතනය මේ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 175ක මුදලක් වැය කලා.  මෙය මුලින්ම ප්‍රදර්ශනය ආරම්භ කලේ Cannes වල 2015 මැයි 18 වැනිදා.  ඉන් පසු United States වලදි ජුනි 19 වෙනි දින ප්‍රදර්ශනය ආරම්භ කළා. මෙම චිත්‍රපටය Box office වාර්තා බිද දමමින් ඇමරිකානු ඩොලර් මිලියන 383.8 ක මුදලක් උපයා ගැනීමට සමත් උණා.  මේ කථාව පරණාමයකට ලක් වෙච්ච චිත්‍රපටයක්. මොකද මුලින් රචනා කරපු කථාව ගොඩාක් වෙනස්කම් වලට ලක් කරලයි Inside Out නමින් නිෂ්පාදනය වෙලා තියෙන්නේ. උදාහරණයක් ගත්තොත් මුලින්ම මේ චිත්‍රපටයේ පලමු සංස්කරණයේ සතුට සහ බිය ( Joy සහ Fear) යන හැගීම් දෙක අහම්බයෙන් මනසේ මූලස්ථානය කියන ස්ථානයෙන් පිටව යාමක් තමා සිදුවන්නේ. ඒත් මේ අළුත්ම සංස්කරණයේ ඒක සතුට සහ දුක (Joy සහ Sadness) ලෙස වෙනස් වෙලා තියෙනවා.  මේ එක කරුණක් උණත් තව බොහෝ කාරණා එක්ක පරිණාමය උන නිසා තමයි ප්‍රෙක්ෂකයන් විසින් IMDB අගය 8.7ක් වැනි ඉහල අගයක් ලබා දී තියෙන්නේ.

2. දිවෙන කථාව

කථාව ගැන මම පොඩි අදහසක් දෙන්නම්. මේ කියවෙන්නේ අපේ මනස ඇතුලේ ජීවත්වෙනවයි කියන හැගීම් උත්පාදකයෝ පස් දෙනකේ ගැන. ඒ පස් දෙනා පිළිවෙලින් Joy,Sadness,Fear,Disgust සහ Anger කියන අය. ඒත් මම කියන්නම ඕන මම මේ කථාව උපසිරැසි ගන්වද්දී ගොඩාක් පැටලෙන ඉංග්‍රීසි නම් සිංහලෙන්ම යොදන්න තීරණය කළා. හරියට මේ පස්දෙනා වගේ. මෙයාලට මම දුන්න නම් තමයි පිලිවෙලින් ප්‍රමෝදි,දුක්ඛි,සන්ත්‍රාස,රුචිරාණි සහ කුපිත.ගොඩාක් නම් හැදුවේ අර්ථය පැහැදිලි වෙන විදිහට.මේ පස්දෙනා තමයි රයිලිගේ කියන 11 හැවිරිදි දැරියගේ හැගීම් අවස්ථානුකූලව හසුරවන්නේ. ඒත් දුක්ඛී හිතන්නේ අනික් අය අතරේ එයාට තැනක් නෑ කියලා. මොකද ප්‍රමෝදි හැම තිස්සෙම අනික් අයත් එක්ක රයිලිව සතුටින් තියන්න මහන්සි වෙනවා. ඒක හොද දෙයක් නමුත් දුක්ඛී මේ ගැන කළකිරෙනවා.
කොහොමහරි රයිලිගෙ පාසලේ පලවෙනි දවසෙදි දුක්ඛී කරන වැඩක් නිසා දුක්ඛීයි ප්‍රමෝදියි දෙන්නම අහඹුලෙස මූලස්ථානයෙන් පිටවෙලා යනවා. දුක්ඛි ගැන තව දෙයක් කියන්න ඕන. එයා වාතයක් වගේ මුලින් ඔයාලට හිතෙයි. ඒත් එයා අනික් අයට වඩා බුද්ධිමත්. ඔන්න එහෙදි ගොඩාක් අය එයාලට හම්බ වෙනවා. ඒ අතර මගේ ප්‍රියතමයා බින්ග් බොං. එයා රයිලිගෙ හිතින් මවාගත් යාළුවා. රයිලි දැන් ලොකු ලමයෙන් නිසා මේ දෙන්න අතර කලින් තිබුණු මිතුරු කම අඩුවෙලා. ඒකට එයා දුකින් ඉන්නේ.ඒත් අන්තිමේදි බින්ග් බොං තමාගේ ජීවිතේ පරදුවට තියලා කෙනෙක්ව බේරගන්නවා.බින්ග් බොංග්ට උණ දේ දකිද්දි ඕනම කෙනෙක්ගේ ඇහැට කදුළු බින්දුවක් එන්න පුළුවන්. ආපහු මූලස්ථානය වෙත යනකං රසවත් සිදුවීම් ගොඩක් එක්ක කථාව ඉදිරයට ගලාගෙන යනවා.

3. හඩ දක්ෂතාවය

මේ චිත්‍රපටයේ මම ආසම දක්ෂ නිළියක් හඩකැවීම් වල නිරත වෙනවා. ඒක ඇත්තටම විශේෂ දෙයක්. එයා තමා Amy Poehler.

ප්‍රමෝදි/සතුට/Joy Amy Poehler
දුක්ඛී/දුක/Sadness Phyllis Smith
බිංග් බොං/කල්පිත මිතුරා/Bing Bong Richard Kind
සන්ත්‍රාස/බිය/Fear Bill Hader
කුපිත/තරහ?Anger Lewis Black
රුචිරාණී/ප්‍රියත්වය/Disgust Mindy Kaling
රයිලි/Riely Kaitlyn Dias
රයිලිගේ අම්මා/Riely’s Mom Diane Lane
රයිලිගේ තාත්තා/Riely’s Dad Kyle MacLachlan

4. ඇත්ත ව්‍යංගයෙන්

ඇත්තටම කෙනෙක් මේක බලන්නේ රසවින්දනට වෙන්න පුළුවන්.ඒත් මේ චිත්‍රපටයේ හැංගිච්ච ගොඩාක් දේ තියෙනවා. සතුට ජීවිතයට අවශ්‍යයි. ඒත් සතුටම තිබුණා කියලා ජීවිතය සුන්දර වෙන්නෙ නෑ. ඒක දුක හෝ බය හෝ තරහව හෝ ප්‍රියත්වය සමග මුසු වෙන්න ඕන. එතකොට සතුටම තිබිල ඇතිවන සුන්දරත්වයට ලැබෙන වටිනාකමට වඩා ලොකු වටිනාකමක් ලැබෙනවා. උදාහරණයක් ගත්තොත් අන්තිම මොහෙතෙදි රයිලිව පාලනය කරන්න කිසිම හැගීමකට බැරි වෙනවා. අඩුම තරමේ බියටවත්. තමන්ගේ දෙමාපියෝ අතහැරලා ආපහු ගමට රයිලි යද්දී තමන්ට පණ වගේ ආදරය කරන දෙමාපියන් ගැන දුක කියන හැගීම ඇතිවෙලා ඒ වැඩේ නතර කරනවා. දුකට විතරයි එවෙලේ රයිලිව පාලනය කරන්න පුවවන් උණේ. අපි හැමොටම එහෙමයි. විටෙක අපි කරන දෙයකින් අපිට ආදරය කරන අයට පීඩාවක් වෙනව කියල දැනෙද්දි දුක කියන හැගීම ඇතිවෙලා ඒ වැඩේ නොකර ඉන්නවා.  තවත් කාරණාවක් තමා හොද මිත්‍රත්වයක් තියෙන එක. බින්ග් බොං රයිලිගෙ හිතින් මවාගත්ත යාළුවා. රයිලි එයාව අමතක කලා කියල එයා රයිලි එක්ක අමනාප උණෙ නෑ. ඒත් එයා තමංගෙ ජීවිතේ අහිමිකරගෙන තමාව නිර්මාණය කරපු රයිලිව සතුටින් තියන්න මහන්සි ගත්තා. මේ වගේ තව බොහෝ අවස්ථා තියෙනවා. චිත්‍රපටිය බලද්දිම ඔයාලට ඒ ගැන තේරෙයි.

    Inside Out Complete Collection
  1. Inside Out (2015)
  2. Inside Out 2 (2024)
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inside Out (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම දීප්ත තුෂාර (Baiscopelk)
IMDb 8.1 /10 822,798 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Pete Docter
Director

Cast

Amy Poehler isJoy (voice)
Joy (voice)
Phyllis Smith isSadness (voice)
Sadness (voice)
Richard Kind isBing Bong (voice)
Bing Bong (voice)
Bill Hader isFear (voice)
Fear (voice)
Lewis Black isAnger (voice)
Anger (voice)
Mindy Kaling isDisgust (voice)
Disgust (voice)
Kaitlyn Dias isRiley (voice)
Riley (voice)
Diane Lane isMom (voice)
Mom (voice)
Kyle MacLachlan isDad (voice)
Dad (voice)
Paula Poundstone isForgetter Paula (voice)
Forgetter Paula (voice)

Similar titles

Predators (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Caught Stealing (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Revolver (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Which Brings Me to You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Into the Wild (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Airbender (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Inspector Zende (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dominique (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ | 18+
Bhaiyya Ji (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hounds of War (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Age: Collision Course (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dangerous Animals (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published