CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1177 Views

  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Inteha (2003) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 24, 2003India155 Min.
Your rating: 0
7 1 vote
Inteha (2003) | මාරක පෙම්වතෙකුගේ රහසක්!

හොඳයි මිතුරනි, මුලින්ම මං එළැඹෙන අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා! මේක බයිස්කෝප් අඩවියෙන් ඔබට ලැබෙන පොඩි අවුරුදු තෑග්ගක්! මේ වතාවේ ඔයාලට බලන්න මං සිංහල උපසිරැසි එක්ක අරගෙන ආවේ Raaz (2002) චිත්‍රපටය හදපු වික්‍රම් භාත් විසින් අධ්‍යක්ෂණය කළ, මහේෂ් භාත් විසින් නිෂ්පාදනය කළ Inteha (2003) කියන ප්‍රේමාන්විත සහ ත්‍රාසජනක ක්‍රියාදාම යන වර්ග දෙකටම අයත්වන හින්දි සිනමාපටය. ප්‍රවීණ සංගීතඥ අනූ මලික් විසින් සංගීත අධ්‍යක්ෂණය කළ සුන්දර ගීත හතකුත් අන්තර්ගත වෙනවා. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ අමීෂා පටේල්ගේ මල්ලි අශ්මිත් පටේල්, විද්‍යා මාලව්දේ සහ නෞහීද් සෛරසි විසින්. 2003 ඔක්තෝබර් 24 මුල් වරට තිරගත වුණු මේ සිනමාපටය IMDb දර්ශකයේ හිමිකරගත් අගය 5.3/10ක්. මේ චිත්‍රපටයේ දර්ශන දකින ඔබට නිරන්තරයෙන් Raaz සිනමාපටය සිහියට නැඟෙයි. මොකද Raaz වගේම මේ චිත්‍රපටයත් ඌටි ප්‍රදේශයේ සුන්දර දර්ශන තල පසුබිම් කරගනිමින් රූගත කෙරී තිබෙනවා.මේ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම ආධුනික නළුවාට හිමි සම්මානය වෙනුවෙන් අශ්මිත් පටේල්වත්, හොඳම ආධුනික නිළියට හිමි සම්මානය විද්‍යා මාලව්දේවත් නිර්දේශ වුණා. දාම ඝාතන, අබිරහස් ගවේෂණ ත්‍රාසජනක වර්ගයේ චිත්‍රපට වලට කැමති අයට මේක හොඳ නිර්මාණයක්.  මගේ මතකයේ හැටියට මං මේක මුලින්ම බැලුවේ සිරස රූපවාහිනී නාළිකාවෙන්. ඉස්සර හින්දි Top 10 වැඩසටහනෙත් මේකේ ලස්සන සින්දු විකාශය කෙරුණු බව මං වගේ 90 දශකයේ පොඩ්ඩන්ට (දැන් මාමලා නැන්දලාට) මතක ඇති!

චිත්‍රපටයේ කතාව ගැන කිව්වොත් මෙහෙමයි. ටීනා සක්සේනා තමන්ගේ වැන්දඹු ව්‍යාපාරික පියා එක්ක ධනවත් ජීවන රටාවක් ගත කරමින් ඉන්න කෙනෙක්. දවසක්, හදිසියේම, ඇයගේ පියා ඇයට කියනවා ඇයගේ මව සමඟ විවාහ වෙන්න කළින් අනියම් බිරිඳක් සිටි බවත්, මේ සම්බන්ධය නිසා නන්දිනී කියල දියණියක් ඉපදුණු බවක්. මේකෙන් ඇය දරුණු කම්පනයකට ලක් වෙනවා. ඔහු ටීනාගේ අප්‍රසාදයට හේතු වන විධියට, නන්දිනීට ඔවුන් එක්ක ජීවත් වෙන්න ආරාධනා කරනවා. ඒකට හේතුව ඔහු බොහෝ කලක සිට අසනීපව සිටින නිසා, තමන් මිය ගිය පසු ටීනාව රැකබලා ගන්නා ලෙස නන්දිනීගෙන් ඉල්ලා සිටිමින්. ටික කලකට පස්සේ සක්සේනා මහතා මරණයට පත්වෙනවා. ශෝකයට පත් ටීනා සහ නන්දිනී එක්ව ජීවත් වුණත්, ටීනා තවමත් ඇගේ සුළු සහෝදරිය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැතිව ඉන්නයි කැමති. කලකට පස්සේ රන්බීර් ඔබරෝයි කියලා කඩවසම් තරුණයෙක් ටීනාගේ ජීවිතයට ඇතුළු වෙනවා. නන්දිනීත් ඔහුව අනුමත කරන අතර, ටීනා නන්දිනී කෙරෙහි ඇති අකමැත්ත අත්හැර දමා ඇති බව පේන්න තියෙනවා. මෙයින් දින කිහිපයකට පස්සේ, නන්දිනී ටීනා සහ රන්බීර් අවන්හලකින් කෑම ගන්නා වෙලාවක නන්දිනීගේ මුදල් පසුම්බිය හොරෙක් උදුරා ගෙන දුවනවා. එතැනදී හොරා හඹා යන රන්බීර් ඔහුගෙන් මුදල් පසුම්බිය උදුරාගෙන නන්දිනිට දීලා හොරාට ඉතාම දරුණු කෝපයකින් පහර දෙනවා. මේ දිහා බලාගෙන ඉන්න නන්දිනී ඔහුගේ මේ මිනීමරු හැසිරීම ගැන බයට පත්වෙලා, රන්බීර්ගෙන් වෙන්වීම ගැන සලකා බැලිය යුතු බව ටීනාට උපදෙස් දෙනවා. මෙම හදිසියේ ඇති වූ මෙම වෙනස් වූ ආකල්පයෙන් බියට පත් ටීනා සවන් දීම ප්‍රතික්ෂේප කර රන්බීර් සමඟ ඇගේ සම්බන්ධය දිගටම කරගෙන යනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා අතර විරසකය යළිත් වැඩෙනවා.

හදිසියේම අන්වර් හුසේන් කියලා පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන කෙනෙක් නන්දිනීට ඇමතුමක් අරගෙන රන්බීර්ගේ ඇත්ත නම රන්බීර් නොවන බවත් ඔහු මිනිමරුවෙක් බවත් පවසනවා. මේ ගැන සාක්ෂි ඇය වෙත ලබාදෙන්නට එකඟ වෙන ඔහු ඇයට බ්ලු ස්ටාර් නම් හෝටලයේ කාමරයකට නන්දිනීට කතා කරනවා මේ ගැන කතා කරන්නට. ඇය එතැනට ළඟා වෙද්දී ඇයට දැනගන්න ලැබෙනවා කිසිවෙක් විසින් අන්වර් හුසේන්ව ඝාතනය කර ඇති බව. මේ දැක නන්දිනී තැතිගන්නවා. ඇය පොලිසියට දන්වනවා රන්බීර් අන්වර්ගේ ඝාතනය පිටුපස සිටිය හැකි බව. පොලිසිය ඔහුව අත්අඩංගුවට ගන්නවා. එහෙත් ආදරයෙන් අන්ධ වුණු ටීනා නීතිඥයෙක් සමඟ ඇවිත් ඔහුව නිදහස් කරගන්නවා, මිනීමැරුම සිදුවුණු අවස්ථාවේ රන්බීර් තමන් සමඟ වෙනත් තැනක සිටි බව කියමින්. මේ සමඟින් රන්බීර් නන්දිනී සමඟ තිබුණු වෛරය තවත් වැඩි වෙනවා. ඔහු මේ ගැන කුමක් කරයිද? ඇත්තටම මේ රන්බීර් කවුද? මොකක්ද එයාගේ අතීතය? අන්වර් හුසේන්ව මරා දැමුවේ කවුද? පොලිසියට ඔහුව කොටු කරගැනීමට හැකි වෙයිද? රන්බීර් සමඟ ගත කරන ටීනාගේ අනාගතය කුමක් වෙයිද? මේ සේරම මේ සිනමාපටය බලලා දැනගන්න එහෙනම්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ප්‍රබුද්ධ කේසර විතානගේ (Baiscopelk)
IMDb 5.3 /10 201 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vikram Bhatt
Director

Cast

Nauheed Cyrusi isTina Saxena
Tina Saxena
Avtar Gill isAdvocate Ranjit S. Thakur
Advocate Ranjit S. Thakur
Vidya Malvade isNandini Saxena
Nandini Saxena
Ashmit Patel isRanbir Oberoi / Vikram Rathore / Rakesh Sharma
Ranbir Oberoi / Vikram Rathore / Rakesh Sharma

Similar titles

Kadina Kadoramee Andakadaham (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jo and Jo (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Piper (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dog (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aanum Pennum (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Three Musketeers: Milady (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
One (2021)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Saindhav (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
On Fire (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhediya (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Babli Bouncer (2022) Sinhala Subtitles

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published