EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Interstellar (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageInterstellar (2014) | සුපිරිම සුපිරි විද්‍යා ප්‍රබන්ධය.
මුලින්ම අපි මේකේ අධ්‍යක්ෂකවරයව මතක් කර ගම්මු. අහල තියෙනවද ක්‍රිස්ටෝෆර් නෝලන් ගැන? හෙහ් පිස්සු හැදෙයි නේද? හොඳයි දන්නවනම් කියන්න බලන්න මේ අධ්‍යක්ෂකවරයගේ චිත්‍රපට වලින් IMDB හොඳම චිත්‍රපට 250 ශ්‍රේණීගත කිරීමේ ලයිස්තුවට ආවෙ නැත්තෙ චිත්‍රපට කීයද කියලා? මම මෙතන කියන්න ඕනා නෑ. ඔයාලම හොයල බලන්න. එතකොට මෙයා ගැන තේරේවී. ඇත්තටම මේ චිත්‍රපටිය තිරගත වෙච්ච ගමන්ම වගේ කොච්චර ඉහළට ආවද කියන එකට වඩා දැන් ඉන්නෙ 17 වෙනි ස්ථානයේ කියන එකෙන්ම මේ කතාවෙ සුපිරි බව වැටහේවි. බලපුවම තවත් පත්තියන් වේවී. ඒ වගේම ළඟ එන ඔස්කාර් සම්මාන උළලේ සම්මාන 05 කට නිර්දේශිත වෙච්ච මේ චිත්‍රපටියේ පහුගිය අවුරුද්දේ හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනාගත්ත Matthew McConaughey, වගේම ඔස්කාර් සම්මාන ලාභී Anne Hathaway, Matt Damon වගේම Jessica Chastain රංගනයෙන් දායක වෙනවා.
මම කතාව ගැන සුළුම සුළු දෙයක් කියන්නම්. අනාගතයේ එක දවසක වායුගෝලයේ නයිට්‍රිජන් ප්‍රතිශතය ඉහළ ගොස් ඒ මත යහමින් යැපෙන දීලීර නිසා බොහෝ වගා පාළුවෙනවා. ඉතින් දැන් මේ කාලේ තියන ලොකුම ප්‍රශ්නේ තමා කොහොමද කෑම ටික හොයාගන්නෙ කියන එක. දවසින් දවස ආහාර වර්ග වඳවෙනවා. මේ වගේ ලෝකයක තවත් එක පවුලක අසාමාන්‍ය කතාවක් තමා මේ කියවෙන්නෙ. බාගෙන බලන්නකෝ.











