CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1864 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Sep. 07, 2023Italy121 Min.
Your rating: 0
8 1 vote
Io Capitano (2023) | පරාදීසය බලා

 

ඔන්න මම මෙදා පාර අරගෙන ආවේනම් තරමක් විශේෂිත සිනමා නිර්මාණයක්.ඒකට හේතු සාධක වන කරුණු කාරනානම් ගණනාවක්ම තියෙනවා.එකක් තමයි මෙය ලාංකීය අපේ ජනතාවටත් යම් ආකාරයකින් බොහොම කිට්ටු කථා පුවතක් රැගත් සිනමා නිර්මාණයක් වීම.අනෙක් අතින් මේක ඉංග්‍රීසි නොවන විදේශ භාෂිත සිනමාපටයක් වීම.ඒවගේමයි බොහෝ දෙනෙක්ගේ සිත සංවේගයෙන් පුරවන බොහොම මානුෂීය කථා පුවතක් මේ සිනමාපටයට අන්තර්ගතවීම.

 

හරි, තවත් වටින් ගොඩින් නොකියා කෙලින්ම සිනමාපටය පැත්තට හැරුනොත් මෙවර මම අරගෙන ආවේ ඉතාලියානු සිනමාකරු Matteo Garrone විසින් අධ්‍යක්ෂණය කල ” Lo Capitano ” සිනමාපටයයි.මමනම් කියන්නෙ මේ සළරුව ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතුම බොහොම විශිෂ්ඨ ගණයේ නිර්මාණයක් කියලා.සුප්‍රකට IMDB දර්ශකයේ ලකුණු 7.6/10 කුත්, Rotten Tomatoes දර්ශකයේ 96% කුත් ලබාගෙන තිබෙනා මේ සිනමාපටය සම්මාන උළෙලවල් කීපයකම නාම යෝජනා අතරට එක්වන්නත්, සම්මාන දිනා ගන්නත් සමත්වුනු හරිම අපූරු සිනමාපටයක්.

මෙවර පැවති 96 වෙනි ඇකඩමි සම්මාන උළෙලේදී හොදම අන්තර්ජාතික සිනමාපටයට හිමි නාමයෝජනා අතරට එක්වන්නටත්, වැනිස් සිනමා සම්මාන උළෙලේදී හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගන්නටත් මේ සිනමාපටයට හැකියාව ලැබුනා.ඒවගේමයි මේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන Matteo Garrone තමයි ” Dogman ( 2018 ), Gomorrah ( 2008 ) ” වැනි විශිෂ්ඨ ගනයේ නිර්මාණත් කලේ.

අප්‍රිකානු ජනයාගේ යුරෝපීය සිහිනය පිළිබද ඉතා සානුකම්පිත ඇසකින් බැලූ මේ අපූරු සිනමා නිර්මාණය විටෙක ඔවුන් ගෙවන ජීවිතයේ ඇති කර්කෂ බවත්, තව විටෙක ඔවුන් ඒ කර්කෂ බවින් මිදී තම ජීවිත වලට බලාපොරොත්තුවක් සොයමින් යන ගමනේ ඇති අභියෝගාත්මක බවත් ඉතාමත් මානුෂීය විලසින් සිනමා කෝණයට හසුකර ගන්නට Matteo Garrone සමත්වී තිබෙනවා.

 

එමෙන්ම මේ සිනමාපටයේ ප්‍රධාන භූමිකාවන්ට පණ පොවනා Seydou Sarr හා Moustapha Fall ප්‍රථම රංගනය සේම ප්‍රථම සිනමාපටයද මෙය වීමත් තවත් විශේෂත්වයක්.

හරි, ” Lo Capitano ” සිනමාපටයේ කථාව පැත්තට ටිකක් හැරුනොත් මෙහි කථාව දිවයන්නෙ යොවුන් වියේ පසුවන තරුණයින් දෙදෙනෙක් වටා.ඔවුන් දෙදෙනා දිවි ගෙවන්නෙ සෙනගාලයේ බොහොම දුප්පත් ගම්මානයක.ඉතිං මේ තරුණයින් දෙදෙනාට හොදින් ගීත ගැයීමේ හැකියාව තියෙනවා.ඔවුන් දෙන්නටම ඕකෙ කවදාහරි ප්‍රසිද්ධ ගායකයෝ දෙන්නෙක් වෙන එක.ඉතිං ඒ නිසාම ඔවුන් අදහස් කර ගන්නවා සෙනගාලය අතහැරලා තමන්ගේ හීන යථාර්තයක් කර ගන්න යුරෝපයට යන්න.නමුත් මේක හිතන තරම් ලේසි පහසු ගමනක් නෙමෙයි.බොහොම දුෂ්කර ගමනක්.නමුත් මේ ගමනට ඔවුන්ගේ දෙමාපිය අවසරයනම් ලැබෙන්නෙ නෑ.ඒ හේතුව නිසාම මේ දෙදෙනා තමන්ගෙ පවුලෙ අයටත් හොරා රටින් පිටව යෑමේ අදහසින් නිවසින් පලා යනවා.ඉතිං ඔවුන්ට ඔවුන් මේ යන ගමන සාර්ථක ගර ගන්නට ලැබේවිද? ඉතිං ඒ ගැන දැනගන්නනම් ඔයාලට මේ සිනමාපටය නරඹන්නම වෙනවා.

විටෙක හිත සංවේදී කරනා තව විටෙක ඔවුන්ගේ නොපසුබස්නා උත්සහයේ අපූරත්වය මවනා ” Lo Capitano ” ඔබට නරඹන්නට ඇරයුම් කරමින් මම මෙසේ ඔබෙන් සමුගන්නම්.

Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Io Capitano (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු (Baiscopelk)
IMDb 7.6 /10 11,635 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Doodou Sagna isCharlatan
Charlatan
Khady Sy isSeydou's Mother
Seydou's Mother
Venus Gueye isSeydou's Sister
Seydou's Sister
Joe Lassana isPassport Man
Passport Man
Mamadou Sani isPolice Officer at Niger Border
Police Officer at Niger Border

Similar titles

Vaazhai (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weapons (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
xXx (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Odela Railway Station (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Amazing Spider-Man (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alienoid: Return to the Future (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jaanu (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bhagwat – Chapter One: Raakshas (2025) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ
Thiru.Manickam (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Front Line (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Aap Jaisa Koi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The Return of the King (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published