EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageJack (2025) | ”RAW සිහිනය”
ඉතින් Jack කියලා කියන්නේ තෙළිගු චිත්‍රපටියක්, මේක Action, Comedy, Thriller ගනයට අයිති වෙනවා.
කතාව පැත්තට හැරුනොත්, කතාව පාදක වෙන්නේ Jack කියලා අන්වර්ත නාමයකින් අදුන්වන පැබ්ලෝ නෙරූඩා කියලා අමුතු නමක් තියන කොල්ලෙක් ගැන. මෙයා පොඩි කාලේ ඉදන්ම අමුතු චරිතයක්.කාටවත් හිතාගන්න බෑ මෙයාගෙ අරමුණු මොනවද කියලා.
මෙහෙම තරුණ කාලෙට ආවම, තාත්තට අවශ්‍ය වෙනවා පැබ්ලෝ ඇත්තටම මොනවද කරන්නේ කියලා දැනගන්න. වැඩේ කොච්චර සීරියස්ද කියලා කිව්වොත් පැබ්ලෝ ගැන හොයන්න බාර දෙන්නේ රහස් පරීක්ෂණ වැඩ කරන ආයතනයකට.
ඇත්තටම කිව්වොත් පැබ්ලෝගේ පොඩි කාලේ ඉදන් හීනයක් වෙලා තිබුනේ ඉන්දියාවේ බුද්ධි අංශය, එහෙම නැත්තන් RAW එකට සම්බන්ධ වෙන එක. දවසක් මෙයා RAW එකේ interview එකකට යනවා. හැබැයි ප්‍රතිඵලයක් දැනගන්නත් කළින් එයාට ඕනි වෙනවා රට වෙනුවෙන් වැඩ කරන්න. ඒ නිසා මෙයා අපරාධ කල්ලියක විස්තර හොයන්න පටන් අරගෙන එයාලව ෆලෝ කරලා, RAW එක මේ වෙනකොටත් පරීක්ෂණ පටන් අරන් තියන මේ වැඩේ එක්ක පැටලෙනවා.
ඉතින් පැබ්ලෝගේ හීනෙට මොකක් වෙයිද ? එයා මොන වගේ කරදර වල පැටලෙයිද? ඒ ටික ඔයාලටම බලාගන්න තියලා මම නවතින්නම්.










