EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Jackpot (2024) | “අලුත් ලොතරැයි ඇඳීමක්”

 

ඇති වුණ ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස වර්ෂ 2030 දී ඇමරිකාවේ නව රජය විසින් ලොස් ඇන්ජලීස් වලට අලුත් ලොතරැයි ඇඳීමක් හඳුන්වා දී තිබෙනවා…මේක ටිකක් වෙනස් විදිහේ ලොතරැයියක්…ඕනෑම කෙනෙක්ට ටිකක් එකක් අරන් මේ දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙලා මුදල් තෑග්ගක් දිනා ගන්න පුළුවන්..මේ පාර තෑගී මුදල ඩොලර් බිලියන 3.6ක්..මෙතුවක් කාලෙකටම දෙන ලොකුම මුදල් තෑග්ග මේක නිසා මිනිස්සු පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්නවා කවුද මේක දිනන්නේ කියලා…හොඳම දේ තමයි…

මේ ලොතරැයිය දිනන කෙනාවට එදාම ඉර බහින්න කලින් මරණ ඕනෑම කෙනෙක්ට ඒ මුදල නිත්‍යානුකුලව තමන්ගේ කරගන්න පුළුවන්…එකම කොන්දේසිය තමයි ලොතරැයිය දිනන කෙනාව මරන්න තුවක්කු පාවිච්චි කරන්න බැහැ…වාසනාවකට හෝ අවාසනාවකට නිළියක් වෙන්න සිහින දකින කේටී කිම් කියන තරුණිය මේ ලොතරැයිය අදින දවසෙම ලොස් ඇන්ජලිස් වලට එනවා….වැරදීමකින් වෙන කෙනෙක්ගේ ටිකක් එකක් හරහා එයාගේ ඇඟිලි සලකුණ වැදිලා මෙයාව දිනුම් ඇඳීමට ලියාපදිංචි වෙනවා…..කොහොම හරි අවසානයේ මුදල් තෑග්ග දිනා ගන්නේ කේටී කිම්….කිසිම දෙයක් නොදන්නා කේටී කිම් පස්සෙන් මිනිස්සු මරන්න පන්නගෙන එද්දී එයාගේ උදව්වට ආරක්ෂක ඒජන්ට් කෙනෙක් එනවා..එයාගේ නම නොයෙල්…මෙයා කේටී කිම්ගේ ජීවිතය බේරන්න පොරොන්දු වෙනවා 10%ක කොමිස් මුදලකට…

කේටී කිම් ඉර බහිනකන් ජිවත් වෙයිද ? නොයෙල් සහ කේටී කිම් අන්තිමේදී මේ මුදල් තෑග්ග දිනාගන්නකන් සටන් කරයිද ? කවුද මෙයාලට තර්ජනයක් වෙන්නේ ? මේ දේවල් දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා….

සටන්…සිනහව….ආදරය….යාළුකම…මනුස්සකම ගැන හරි ලස්සනට හාස්‍යජනකව ගෙනහැර දක්වන චිත්‍රපටයක් මේක !

Comments

September 16, 2024

adoo maruu wageema thanks me site eke hamootama me karana deeta idiriyataht supiri films onee

November 8, 2024

❤️👍

September 11, 2025

Thnx