Loading.... තත්පර කිහිපයක් රැදී සිටින්න PopUp Ads පැමිණ වෙනත් වෙබ් පිටු කරා ගියහොත් ඒවා Close කර නැවත, මෙම වෙබ් පිටුවටම පැමිණෙන්න. වෙනත් වෙබ් පිටු වලින් මෙම චිත්‍රපටය නැරබීමට නොහැක. මෙම Player එකෙන් නැරබීමට නොහැකි නම් පහල ඇති ප්ලයෙර් 02/03 උත්සහ කර බලන්න

මෙම චිත්‍රපටය ඔන්ලයින් නැරඹීමට පහල ඇති Player 01 හෝ Player  02 හෝ Player  03  Click කරන්න

4474 Views
  • Watch trailer
  • Player 01
  • Player 02 480p
  • Player 02 720p
  • Player 03
Jai Lava Kusa (2017) Sinhala Subtitles

Jai Lava Kusa (2017) Sinhala Subtitles

Your rating: 0
9.6 5 5 votes
Sep. 21, 2017India150 Min.

Jai Lava Kusa (2017) Sinhala Subtitles | රාවණා… [සිංහල උපසිරැසි සමඟ]

2017 September 21 පටන් ප්‍රේක්ශකයන්ට විවෘත්ත වුන මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය  කර තිබෙන්නේ K. S. Ravindra. සංගීත අධ්‍යක්ෂණය  Devi Sri Prasad. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ ජනප්‍රිය නළු  NTR, සුරූපී නිළි Raashi Khanna සහ Nivetha Thomas. ඒ වගේම බොලිවුඩ් නළු  Ronit Royගේ තෙළිගු සිනමා ආගමනයත් සිදු වන්නේ මේ චිත්‍රපටයෙන්. Tamannaahත් එක් ගීතයකට නර්ථනයෙන් දායකත්වය දක්වලා තිබෙනවා. IMDb දර්ශකයේ දැනටත් 7.5 ක් වැනි ඉහළ අගයක රැඳී සිටින මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 129 ක ඇස්තමේන්තුගත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් ලබා තිබෙනවා.

දැන් කතාව ගැන බලමු. මේකෙදි NTR ත්‍රිත්ව චරිත රඟපානවා නිවුන් සහෝදරයෝ තුන් දෙනෙක් ලෙස. ජයි තමයි අයියා. ලවා සහ කුසා තමයි මල්ලිලා දෙන්නා. මෙයාලා තුන්දෙනාගෙම රඟපෑමේ හැකියාව නිසා පොඩි කාලෙදිම මෙයාලගේ මාමා මේ තුන්දෙනාව යොදාගෙන නාට්‍යය රඟදක්වනවා. ගොඩක් වෙලාවට රඟදක්වන්නේ රාමාගේ කතා පුවත. ඒ නිසාම ඒ අයට ගමේ හොඳ ප්‍රසිද්ධියක් ලැබී තිබුණා. තුන්දෙනාම එකවගේ වුනාට මොකද ජයිගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. එයා කතා කරද්දි ටිකක් ගොතගැහෙනවා. ඉතින් මේ අඩුපාඩුව නිසා ජයිට ලැබෙන්නේ දෙබස් නැති සුළු චරිත. ඒ නිසා ගමේ අයගේ පැසසුම ලැබෙන්නේ ලවාට සහ කුසාට. වීරයාගේ චරිතය ලැබෙන්නේ නැති නිසා සහ ගමේ අයගේ ප්‍රසංශාව ලැබෙන්නේ නැති නිසා ජයි ඉන්නේ හිත් අමණාපයෙන්. ඒ අතරේ එයාට දැනගන්න ලැබෙනවා රාමාගේ කතාවේ එන දුෂ්ඨයා නොහොත් රාවණා ගැන. ඉතින් එයාට හිතෙනවා රාවණාට වුන දේවල්වල හැටියට රාවණා කළදේ හරි කියලා. ඔය අතරේ දවසක් නාට්‍යයක හනුමා ගිනි අවුලන දර්ශනයකදී කෘතිමව ඇති කරපු ගින්න වැඩි කරලා, මෙයාගේ හිතේ ගින්න පිට කරනවා. මේකෙන් මහා ගින්නක් ඇති වෙනවා. මේ මහා ගින්නට සහෝදරයෝ තුන් දෙනාම මැදි වෙනවා. මේ අවස්තාවෙන් පස්සේ මේ අය විසිරෙනවා. ඊට පස්සේ ඉතින් අර එක ගහේ හිටිය කුරුළු පැටවු දෙන්නා පැති දෙකකට වැටිලා වුන වැඩේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඔය කිව්වේ මුල් විනාඩි දහයේ සිද්ධ වෙන කතාව. මේ සිදුවීමෙන් අවුරුදු 20කට පස්සේ කතාව තමයි මෙතනින් එහාට දැකගන්න ලැබෙන්නේ.

අවුරුදු 20කට පසු…

කුසා :- සුපිරි හොරෙක්, කපටියෙක්, මංකොල්ලකාරයෙක්, කොහොමහරි ඇමරිකාවට පැන ගන්න සල්ලි හොයන හොරෙක්. අවසානයේදි තමයි මෙයාට අමාරුම හොරකම ලැ⁣බෙන්නේ. ?

ලවා :- මහන්සි වෙලා ඉගෙනගෙන සාධාරණව වැඩ කරන, පොඩි දේටත් හිත උණුවෙන, අහිංසක බැංකු කළමණාකරුවෙක්.

ජයි :- පොඩි කාලේ ඇලුම් කළ රාවණා අනුගමනය කරමින් තමන්ටම කියා නමක් හදා ගත් කුරිරු පාළකයෙක්. විරුද්ධවන්නන්ට අවස්ථා දෙකක් නොදෙන, ඒකාධිපතියෙක්.

ඉතින් මේ තුන්දෙනාගේ කතාව ගැළපිලා යන්නේ කොහොමද? ඇත්තටම මේකේ කතාව මොකක්ද? ගෑණු පරාණ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ සහෝදරයෝ ගොඩක් වෙනස් වෙලාද? සහෝදරයෝ නැවත මුණගැහෙන්නේ කොහොමද? ඒවා ඉතින් චිත්‍රපටය අරගෙන තමයි බලන්න වෙන්නේ. ඒ කොටස ඔබට බාරයි.

 

“අන් අයගේ අඩු ලුහුඩු දකින්නේ නැතුව එ් අය තුළ ඇති ගුණය දකින්න. අහිංසක මිනිසුන් රාක්සයන් නොවනු ඇත”

Subtiltes By

ශසිත් සඳරුවන් (සඳේ)

(Baiscopelk)

IMDb Rating 6.8 5,898 votes
Jai Lava Kusa (2017) Sinhala Subtitles
Jai Lava Kusa (2017) Sinhala Subtitles
Jai Lava Kusa (2017) Sinhala Subtitles
Jai Lava Kusa (2017) Sinhala Subtitles
Jai Lava Kusa (2017) Sinhala Subtitles
Jai Lava Kusa (2017) Sinhala Subtitles
Jai Lava Kusa (2017) Sinhala Subtitles
Jai Lava Kusa (2017) Sinhala Subtitles

Movie Quality

HDRip

ඉහත ිනමාපටයේ නළනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ේ පින්තුර Click කර එම List එකට පිවිසේන

 

Bobby Kolli
Director

Cast

N.T. Rama Rao Jr. isJai / Raavan
Jai / Raavan
Ronit Roy isSarkar
Sarkar
Hamsa Nandini isV. A. Rajini
V. A. Rajini
Tamannaah Bhatia isSpecial Appearance in
Special Appearance in "Swing Zaara" Song

Similar titles

MAX (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Poikkal Kuthirai (2022) Sinhala Subtitles | ” බොරු කකුල් අශ්වයා “..!! | සිංහල උපසිරැසි සමඟ
Chaari 111 (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Thunderbolt (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Chehre (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin: Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Iravatham (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Silverton Siege (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The 3rd Eye 2 (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Bedurulanka 2012 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Downrange (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Outpost (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Lasitha September 15, 2022 Reply

    Ayith download issue ekak awilla

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published