EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Jai Lava Kusa (2017) Sinhala Subtitles | රාවණා… [සිංහල උපසිරැසි සමඟ]

2017 September 21 පටන් ප්‍රේක්ශකයන්ට විවෘත්ත වුන මේ චිත්‍රපටයේ තිර රචනය සහ අධ්‍යක්ෂණය  කර තිබෙන්නේ K. S. Ravindra. සංගීත අධ්‍යක්ෂණය  Devi Sri Prasad. ප්‍රධාන චරිත වලට දායකත්වය දක්වන්නේ ජනප්‍රිය නළු  NTR, සුරූපී නිළි Raashi Khanna සහ Nivetha Thomas. ඒ වගේම බොලිවුඩ් නළු  Ronit Royගේ තෙළිගු සිනමා ආගමනයත් සිදු වන්නේ මේ චිත්‍රපටයෙන්. Tamannaahත් එක් ගීතයකට නර්ථනයෙන් දායකත්වය දක්වලා තිබෙනවා. IMDb දර්ශකයේ දැනටත් 7.5 ක් වැනි ඉහළ අගයක රැඳී සිටින මෙම චිත්‍රපටය ඉන්දියානු රුපියල් කෝටි 129 ක ඇස්තමේන්තුගත බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාවක් ලබා තිබෙනවා.

දැන් කතාව ගැන බලමු. මේකෙදි NTR ත්‍රිත්ව චරිත රඟපානවා නිවුන් සහෝදරයෝ තුන් දෙනෙක් ලෙස. ජයි තමයි අයියා. ලවා සහ කුසා තමයි මල්ලිලා දෙන්නා. මෙයාලා තුන්දෙනාගෙම රඟපෑමේ හැකියාව නිසා පොඩි කාලෙදිම මෙයාලගේ මාමා මේ තුන්දෙනාව යොදාගෙන නාට්‍යය රඟදක්වනවා. ගොඩක් වෙලාවට රඟදක්වන්නේ රාමාගේ කතා පුවත. ඒ නිසාම ඒ අයට ගමේ හොඳ ප්‍රසිද්ධියක් ලැබී තිබුණා. තුන්දෙනාම එකවගේ වුනාට මොකද ජයිගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. එයා කතා කරද්දි ටිකක් ගොතගැහෙනවා. ඉතින් මේ අඩුපාඩුව නිසා ජයිට ලැබෙන්නේ දෙබස් නැති සුළු චරිත. ඒ නිසා ගමේ අයගේ පැසසුම ලැබෙන්නේ ලවාට සහ කුසාට. වීරයාගේ චරිතය ලැබෙන්නේ නැති නිසා සහ ගමේ අයගේ ප්‍රසංශාව ලැබෙන්නේ නැති නිසා ජයි ඉන්නේ හිත් අමණාපයෙන්. ඒ අතරේ එයාට දැනගන්න ලැබෙනවා රාමාගේ කතාවේ එන දුෂ්ඨයා නොහොත් රාවණා ගැන. ඉතින් එයාට හිතෙනවා රාවණාට වුන දේවල්වල හැටියට රාවණා කළදේ හරි කියලා. ඔය අතරේ දවසක් නාට්‍යයක හනුමා ගිනි අවුලන දර්ශනයකදී කෘතිමව ඇති කරපු ගින්න වැඩි කරලා, මෙයාගේ හිතේ ගින්න පිට කරනවා. මේකෙන් මහා ගින්නක් ඇති වෙනවා. මේ මහා ගින්නට සහෝදරයෝ තුන් දෙනාම මැදි වෙනවා. මේ අවස්තාවෙන් පස්සේ මේ අය විසිරෙනවා. ඊට පස්සේ ඉතින් අර එක ගහේ හිටිය කුරුළු පැටවු දෙන්නා පැති දෙකකට වැටිලා වුන වැඩේ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. ඔය කිව්වේ මුල් විනාඩි දහයේ සිද්ධ වෙන කතාව. මේ සිදුවීමෙන් අවුරුදු 20කට පස්සේ කතාව තමයි මෙතනින් එහාට දැකගන්න ලැබෙන්නේ.

අවුරුදු 20කට පසු…

කුසා :- සුපිරි හොරෙක්, කපටියෙක්, මංකොල්ලකාරයෙක්, කොහොමහරි ඇමරිකාවට පැන ගන්න සල්ලි හොයන හොරෙක්. අවසානයේදි තමයි මෙයාට අමාරුම හොරකම ලැ⁣බෙන්නේ. ?

ලවා :- මහන්සි වෙලා ඉගෙනගෙන සාධාරණව වැඩ කරන, පොඩි දේටත් හිත උණුවෙන, අහිංසක බැංකු කළමණාකරුවෙක්.

ජයි :- පොඩි කාලේ ඇලුම් කළ රාවණා අනුගමනය කරමින් තමන්ටම කියා නමක් හදා ගත් කුරිරු පාළකයෙක්. විරුද්ධවන්නන්ට අවස්ථා දෙකක් නොදෙන, ඒකාධිපතියෙක්.

ඉතින් මේ තුන්දෙනාගේ කතාව ගැළපිලා යන්නේ කොහොමද? ඇත්තටම මේකේ කතාව මොකක්ද? ගෑණු පරාණ දෙක සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ සහෝදරයෝ ගොඩක් වෙනස් වෙලාද? සහෝදරයෝ නැවත මුණගැහෙන්නේ කොහොමද? ඒවා ඉතින් චිත්‍රපටය අරගෙන තමයි බලන්න වෙන්නේ. ඒ කොටස ඔබට බාරයි.

 

“අන් අයගේ අඩු ලුහුඩු දකින්නේ නැතුව එ් අය තුළ ඇති ගුණය දකින්න. අහිංසක මිනිසුන් රාක්සයන් නොවනු ඇත”

Comments

September 15, 2022

Ayith download issue ekak awilla