CS Player හා EVO Player පමණක් ක්රියා කරයි.අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageJatadhar (2025) | “ නිධන් යක්ෂණිය ”
Horror & Supernatural කියන ගණයට අයත් වෙන මේ ෆිලුම 2025 නොවැම්බර් 7 වෙනිදා තමයි නිකුත් වුනේ.
ප්රධාන නළුවා විදියට තෙලුගු නළු සුදීර් බාබු ත්, විලන්ගේ චරිතයෙන් සුරූපී හින්දි නිළි සෝනාක්ෂි සිංහා ත් රංගනයෙන් දායක වෙනවා.. මෙය ඇයගේ පළමු ටොලිවුඩ් ආගමනය.. ඇයට දෙබස් උනත් තිබ්බේ බොහොම අඩු ප්රමාණයක්.. ඒ නිසා භාෂාවේ ගැටළුවක් දැනුනේ නෑ.. වැඩි හරියක්ම තිබ්බේ යටිගිරියෙන් කෑගහන්න 😑 හැබැයි ඇක්ටින් නම් ගින්දර ටිකට තිබුණා 🔥
ටිකක් වෙනස් විදිහේ ස්ටෝරි එකක් තියෙන ෆිලුමක්.. ගොඩක් දෙනෙක්ට සෙට් වෙයි කියලා හිතෙනවා 🤭
කතාව පොඩ්ඩක් කියන්නම් 😁
ශිවා කියන්නෙ හොල්මන් අවතාර සතපහකට විශ්වාස කරන්නේ නැති කොල්ලෙක්.. හැබැයි පොර ghost hunter කෙනෙක්.. හොල්මන් නැත්තම් hunt කරන්නේ මොක්කුද? ශිවා ඔහොම ඉන්නකොට එයාගේ ජිවිතේට මාරක අනතුරු වගයක් එනවා.. එක්තරා හේතුවක් නිසා එයා ඒවගෙන් බේරෙනවා.. මේ අනතුරු සියල්ල කරන්නේ ගෙයක් ඇතුලේ වලලලා තියෙන, නිධානයක් ආරක්ෂා කරමින් ඉන්න යක්ෂණියක් කිව්වොත් විශ්වාස කරනවද?
ශිවාව ආරක්ෂා කරන්නේ එයා විශ්වාස නොකරන අවතාර ද?
මේ යක්ෂණියගෙන් ශිවාට ගැලවුමක් වෙයිද?
සේරටම උත්තර. දැනගන්න මේ පට්ටම ත්රිලර් ෆිලුම බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..







