EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Jil (2015) | සිංහල උපසිරැසි සමඟ

2015 මාර්තු 27 ප්‍රථම තිරගත වීම ආරම්භ කරන මෙම චිත්‍රපටියේ රංගනයෙන් දායක වන්නේ තෙලිගු චිත්‍රපට කලාවේ දැවැන්තයෙක් වන Gopichand විසින්. නිලිය විදිහට ඉන්නේ Rashi Khanna. ඒ වගේම මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂනය, කතාව, තිර රචනය, මේ හැම දෙයක්ම කරලා තියෙන්නේ Radha Krishna kumar විසින්. එහෙනම් චිත්‍රපටියේ කතාව ගැන කියන්නම්කෝ.

චිත්‍රපටය ආරම්භයේම මොම්බායි වල දරුනු අපරාධකාරයෙක් වන චෝටා නායක් කියන පුද්ගලයා පොලිස් අත්අඩංගුවෙන් පැන යනවා. එතනින් තමයි කතාව පටන් ගන්නේ. මෙහෙම පැනලා යන නායක්. එයා පොලීසියට අල්ලලා දීපු රංගනාත් කියන කෙනාව හොයන්න පටන් ගන්නවා. දවසක් ප්‍රධාන නලුවා වන ජයි යාලුවොත් එක්ක කඩේක ඉන්නකොට මෙයාව දකිනවා. එවෙලෙම එතනට එන නායක්ගේ මිනිස්සු අතේ රංගනාත්ගෙ පින්තූරයක් තියෙනවා දැකලා එයා රංගනාත් මෙතන සිට ගිය බය පවසනවා. ඔවුන් රංගනාත් පසු පස එලවන් යනවා. ඒත් ජයි මෙතන ප්‍රශ්නයක් වෙන්න යන බය දැන ගෙන ඔවුන් පිටුපසින් යනවා. එහෙම ගිය ජයි රංගනාත්ව බේර ගන්නවා. ඒ නිසාවෙන් නායක්ගේ මිනිස්සු ජයි රංගනාත්ට උදව් කර කෙනෙක් කියලයි හිතන්නේ. ජයි කියන්නේ ගිණිනිවීම් භටයෙක් දවසක් බිල්ඩින් එකක් ගිනි ගන්න වෙලාවක මෙයා ඒකේ ඇතුලේ හිර වෙච්ච කෙනෙක්ව බේර ගන්නවා. ඒ බේර ගන්නනෙත් රංගනාත්ව. එවෙලේ රංගනාත් මොහුට යමක් පවසනවා. එයා මාධ්‍ය හරහා. නායක් දකිනවා. ඔන්න ඔතන ඉදලා ජයිගෙ ජීවිතේ ගොඩක් හැල හැප්පීම් වලට ලක් වෙනවා. ගොඩක් දේවල් ජයිට අහිමි වෙනවා. ඒ ඇයි කියලා ඔයාල අරගෙනම බලන්න. කතාව සේරම කියන්න වෙනවා ඒවත් කියන්න ගියොත්.

Comments