EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
JK Enum Nanbanin Vaazhkai (2015) |දෙයක් වෙන්නම ඕනේ දෙයක් තේරුම් යන්න ….!!
දමිල සිනමාවේ ප්‍රසිද්ධ නලු නිලියන් කීපදෙනෙක්ම ඉන්නවා. Prakash Raj, Santhanam, Nithya Menon, Sharvanand යන වගේ පිරිසක්. Ishq (2012), Gunde Jaari Gallanthayyinde (2013) යන ෆිලුම් වල රංගනයෙන් දායක වුන Nithya Menon කියන නිලිය තමයි මේකේ ප්‍රධාන නිලිය විදියට ඉන්නෙ. Nuvva Nena (2012) කියන ෆිලුම් එකේ හිටිය Sharvanand කියන නලුවා තමයි මේකෙ ප්‍රධාන චරිතය කරන්නෙ. සන්තාන්ම්ගේ ජෝක් ගැන දන්නවනෙ. ඉතින් කම්මැලිකමකින් තොරව බලන්න පුලුවන් අන්තිම මොහොත වෙනකම්ම. ඒත් ෆිලුමෙ භාගයක් විතර යනකම් තේරෙන්නෙ නැහැ මොකද වෙන්න යන්නෙ කියලා…. ලකුණුත් මම හිතන්නෙ 7.3/10 ඇරන් තියෙනවා. මම නම් මේ තාක් කාලයක් බලපු වෙනස්ම ආරයේ කතාවක් තමයි තියෙන්නෙ. අධ්‍යක්ෂණය සහ රචනය යන දෙකම කරලා තියෙන්නෙ Cheran විසින්. 2015 මාර්තු මාසේ 7නිදා තමයි මේක තිරගත කරලා තියෙන්නෙ.
එහෙනම් කතාවට යන්නම්, JK කියන්නෙ මුලදි අපි වගේම ෆේස්බුක් එකේම මුලු දවසෙම එල්ලිලා ඉන්න සුපිරි කොල්ලෙක්. උදේ නැගිට්ට වෙලේ ඉදන්ම ඉන්නෙ කොම්පියුටර් එක ගාව. ගෙදර වැඩ වලටවත් අම්මා තාත්තා ගැනවත් කිසිම ගානක් නැහැ. ඔහේ ඉන්න බුලට් එකක්. ඉතින් එක පාරම මෙයා වෙනස් වෙනවා. ඊට පස්සේ මිනිහා දියුණු වෙන්න මාරම ගේමක් දෙනවා.මේකට මොකක්දෝ කායික හා මානසික කම්පනයක් බලපානවා ඔහුගේ ජීවන රටාව වෙනත් මාර්ගයකට යොමු කරන්න. ඉතින් ඇයි මොකක්ද මේ හේතුව???? හිතාගන්න බැරිවෙනවා තාරුණ්‍යයට තියෙන ජවය ගැන.






