EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Joker: Folie à Deux (2024) | ඔහු වෙනුවෙන් ඇය

 

මිනීමරු කවටයෙකු
සිටී සිර ගෙයක් තුල
මුණ ගැසෙන්නේ ඔහුට
අහඹු ලෙස
සංසාර ප්‍රේමය

ඇගේ රූ සිරි මෙන්ම
කටහඬේ මිහිරි බව
ඇති නොකරයි ද
ප්‍රේමය
රළු හදවතක් තුළ වුවද

ඔහුට දඬුවම් දෙන්න
නඩු ඇසෙන උසාවිය
දනීවි ද නොදනී ද
සිර කල නොහැකි බව
ඔවුන්ගේ ප්‍රේමය

තීන්දුව ලැබෙන දින
සිදුවන විනාශය
ඉඩ ලබාදෙයි ඔහුට
ඇයට ලං වෙන්න
සිර කුටියෙන් එපිට

නොසිතු ලෙස නිම වන
ඔහුගේ දිවිය

                                                                                                       නගාවිද කඳුලක්

දරු ගැබක් දරා සිටි
ඇගේ දෑස තුළ…

පද රචනය – චාමිකර විදානගේ (චාමි)

Comments

November 8, 2024

❤️👍