EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kaantha (2025) | ගුරු ගෝල මමත්වය

Retro Star ⭐ DQගේ කාන්තා!

DQගේ Period Drama චිත්‍රපටි ගොඩක් බලලා තියෙනවනේ. කුරුප්, සීතා රාමම්, ලකී භාස්කර්, මහානති, කිං ඔෆ් කොතා වගේ ඒවා. ඒ වගේ චිත්‍රපටි වලට පස්සෙ දුල්කර්ගේ අලුත්ම Period චිත්‍රපටය තමයි කාන්තා. මේක දමිළ චිත්‍රපටයක්, ඒ වගේම මේ චිත්‍රපටය තිරගත වීමට පෙර රාවයක් ගියා, දෙමළ සිනමාවේ පළමු සුපිරි තරුව ලෙස සැලකෙන MK ත්‍යාගරාජා භාග්‍යවතර්ගේ Biopic එකක් කියලා. ඒත් මේක Biopic එකක් නෙවෙයි.

1950 ගණන්වල මදුරාසියේ සිදු වන කථාවක් මේක. කථාවේ විදිහට කිව්වොත්, ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන  සමුතිරකානි සහ නැඟී එන නළුවෙක් වන දුල්කර් අතර විරසකයක් තමයි ඇතුළත් වෙන්නෙ. විරසක මධ්‍යයේ ඔවුන්ට චිත්‍රපටයක කටයුතු එකතු වෙලා කරන්න වෙනවා. දෙන්නගේ ඊගෝ එක නිසා මිනීමැරුමක් සිදු වී, එය දෙදෙනා අතර ගැටෙන විදිහ මේ චිත්‍රපටියේ පෙන්නුම් කරනවා.

දුල්කර් සල්මාන් සමඟ භාග්‍යශ්‍රී බෝර්ස්, සමුතිරකානි, රානා දගුබාති, ගායත්‍රී, රවීන්ද්‍ර විජේ, බගවතී පෙරුමාල් යන නළු නිළියන් රංඟනයෙන් දායක වෙනවා. මේකට මිශ්‍ර ප්‍රතිචාර මධ්‍යයේ ධනාත්මක ප්‍රතිචාර වැඩි වශයෙන් ලැබුණත්, අදායම් අතින් නම් සාර්ථක වෙන්න ලැබුණේ නැහැ. ඉ.රු. කෝටි 35-40 අතර මුදලක් වියදම් කරලා සකසපු චිත්‍රපටිය ආසන්න වශයෙන් ඉ.රු. කෝටි 30-35 අතර අගයක් තමයි ලබාගන්න හැකි වුණේ. නිෂ්පාදන කටයුතු කලෙත් චිත්‍රපටියේ ප්‍රධාන නළු දෙපල වන DQගේ Wayfarer Films සහ රාණගේ Spirit Media කියන ආයතන දෙක එකතු වී. DQගේ කිං ඔෆ් කොතා වලට පස්සෙ තමයි ආදායම් අතින් අසාර්ථක වුණ චිත්‍රපටියක් එන්නෙ, ඒ කාන්තා. DQගේ ඉදිරියට එන්න නියමිත චිත්‍රපටි මොනවද බැලුවොත්,

I’M GAME කියන මළයාලම් චිත්‍රපටිය, Aakasamlo Oka Tara කියන තෙළුගු චිත්‍රපටය සහ #DQ41, එයත් තෙළුගු චිත්‍රපටයක් වන අතර පූජා හෙග්ඩේ නිළිය ලෙස රංගනයෙන් දායක වෙනවා. විශේෂත්වය තමයි පූජා හෙග්ඩේ තෙළුගු චිත්‍රපටයක් රඟපාන්නෙ 2022 පසුව වීම. තෙළුගු සිනමාවෙන් මෑත කාලයේ කොච්චර ආරාධනා ලැබුණත්, ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කරලා වසර 4 කට වගේ පස්සෙ, ඔන්න DQ එක්ක පූජා තෙළුගු චිත්‍රපටියක් කරනවා.

Comments

December 15, 2025

Great 👍
Thank you 😊