EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kaathal – The Core (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageKadhal – The Core (2023) | ආදරයේ තීන්දුව.
මේකත් 2023 තිර ගටහ් උන OTT release වෙනකල් කට්ටිය බලා ගෙන හිටපු ෆිල්ම් එකක්. යන්තම් ඊයෙ ජනවාරි 4 මේක එලියට ආවා. ඔන්න අදම මම සබ් එක දෙනවා. මේ වන විට IMDB 8.2 අගයක් පෙන්වන මෙය ඉන්දියානු සිනමාවේ වඩාත් කතා බහට ලක් නොවන මාතෘකාවක් පාදක කර ගත් ෆිල්ම් එකක්. ඇත්තෙන්ම මේ වගේ චිත්‍රපට මේ තරම් ප්‍රතිචාරයක් ඉන්දියාව වගේ ගතානු ගතික සමාජයක් ඉන්න රටක ලබනව කියන්නෙත් පුදුමයක්. ඒත් මේ කේරළයනේ.
Kadhal – The Core (2023) Sinhala Subtitles
මලයාලි මෙගා ස්ටාර් මම්මූටි මේ කතාවෙ ප්‍රධාන චරිතය රඟ පානවා. ඒත් හිතා ගන්න බෑ මේ වගේ නළුවෙක් එවන් චරිතයක් රඟ පායිද කියලවත්. මේ චිත්‍රපටයට ප්‍රස්තූත වෙන්නේ LBGTQ+ සම්බන්ධ සිද්ධියක්.
Kadhal – The Core (2023) Sinhala Subtitles
සමාජය පිළිගත් චරිතයක් වන මැතිව් දේවාසි අතුරු මැතිවරණයකදී සිය පක්ෂයේ අපේක්ෂකයා ලෙස නිතරඟයෙන්ම තෝරා ගන්නවා. සමාජයේ ඔහුට ඇති පිළි ගැනීම සහ පෞර්ශය මේ තෝරා ගැනීම සඳහා බලපානවා.ජයග්‍රහණය පෙනෙන තෙක් මානයේ සිටියත් ඔහු විශාල ගැටළුවකට මුහුණ දෙනවා. ඒ ඔහුගේ බිරිඳ විසින් පවර්න ලබන දික්කසාද නඩුව නිසා. ඇයගේ චෝදනාව ඔහු සමලිංගිකයෙක් වීම. එය ඔහු අභියෝගයට ලක් කරනවා.
Kadhal – The Core (2023) Sinhala Subtitles
දිගු කලක් තිස්සේ ඔහු එය සඟවා ගෙන සිටියාද? ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට කුමක් සිදු වේද? ජනතාව ඔහු භාර ගනීද? ඔහුගේ බිරිඳ දශක දෙකක් මෙය සඟවා සිටියේ මන්ද? ගැටළු රාශියකට පිළිතුරු සඳහා මේ චිත්‍ර පටය බලන්න. ඇත්තෙන්ම අමුතුම මලයාලමක්.
Mammooti,සමග දමිළ නිළි Jyothika ප්‍රධාන චරිත රඟපාන මෙය Great Indian Kitchen අධ්‍යක්ශනය කල Jeo Baby ගේ නිර්මානයක්.




