EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kabali (2016) | රජුගේ පුනරාගමනය..!

රජිනි කාන්ත්

දමිළ සිනමාවේ මා දන්නා තරමින් MGR ට පසුව එතෙක් මෙතෙක් බිහිවුණ සුපිරි තරුව රජිනිකාන්ත් කීවොත් නිවැරදියි (සුපිරි තරුව යනු ඔහුගේ අන්වර්ථ නාමයයි). එක බැල්මකින් රසික රසිකාවියන් උමතු කිරීමේ හැකියාව ඔහු ලද භාග්‍යයක්. චිත්‍රපටය පටන් ගැනීමට කලින් තිරයේ ඔහුගේ නම දිස්වන විටම ප්‍රේක්ෂකයින්ගේ ඝෝෂාවෙන් මුළු ශාලාවම පිරී යයි. ඇතැමෙක් ඔහු දෙවි කෙනෙකුට සම කරති. මෙම චිත්‍රපටය ඔහුගේ 159 වැන්නයි. ලෝක ප්‍රසිද්ධරජිනි ස්ටයිල් එක මනාව ඉස්මතු කළ චිත්‍රපටයක් ලෙස කබාලි නම් කළ හැකියි. 1994 බාද්ෂා චිත්‍රපටයෙහි ඩොන් ගේ චරිතය නිරූපණය කළ රජිනි, වසර 21 ට පසු නැවතත් කබාලි චිත්‍රපටය හරහා ඩොන් චරිතයට පණ පොවයි. ලිංගා චිත්‍රපටය ජනප්‍රිය නොවීම නිසා රජිනි යුගය අවසන් යැයි කියූ අයට නිසි පිළිතුරක් කබාලි විසින් ලබා දෙනු ඇති බව බොහෝ දෙනා බලාපොරොත්තු වුණා.

කබාලි චිත්‍රපටය සහ උමතුව

මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ නවක අධ්‍යක්ෂක පා.රංජිත් විසිනි. මැඩ්‍රාස් චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුමා. ඔහුට අනුව, වසර 25 ක් සිරගතව සිට එළියට පැමිණි වයස්ගත ඩොන් කෙනෙකු, තම ජීවිතයේ අහිමිවුණ ආදරය සහ සෙනෙහස සොයා යන හැඟීම්බර කතාවක්. මෙය චෙන්නායි හි ජීවත් වූ සැබෑම ඩොන් කෙනෙකුගේ චරිතය අළලා නිර්මාණය කර තිබෙනවා. තිරගත වීමට කලින්ම කෝටි 220 ක ආදායම අභිබවා යෑමට මෙම චිත්‍රපටයට හැකිවුණා. මෙම චිත්‍රපටයේ උන්මාදය කොතෙක්ද කිවහොත්, ගුවන් යානා ආයතන පවා කබාලි විශේෂ ගුවන් ගමන් සංවිධානය කර, කබාලි පෝස්ටර් වලින් තම ගුවන් යානා සරසා තිබුණා. කබාලි තිරගත වන දිනය නිවාඩු දිනයක් බවට පත්කිරීමට සමහර ආයතන කටයුතු කර තිබුණා. ඒ වගේම මෙහි පූර්ව ප්‍රචාරක පටය සහ නෙරුප්පුඩා නැමැති ගීතය සිනමා ලොවේ වාර්තා පිට වාර්තා බිහි කිරීමට සමත් වුණා. තවද තෙළිඟු, හිංදි සහ මැලේ භාෂාවලින් හඬකැවූ එකම දමිළ සිනමා පටය බවට කබාලි පත්වුණා.

කතාව

වසර 25 කට පසු කබාලීෂ්වරන් නොහොත් කබාලි හිරෙන් නිදහස් වෙනවා. චිත්‍රපටය පටන් ගන්නේ එහෙමයි. හිරෙන් නිදහස්ව පැමිණෙන ඔහුව පිළිගැනීමට බොහෝ පිරිස් සූදානමින් ඉන්නවා. උත්සව පවා සංවිධානය කරලා. එළියට ආව කබාලි කෙලින්ම යන්නේ මත් ජාවාරම් කරුවෙකු වෙතයි. නොසිතූ වෙලාවක තමන් වෙත ආපු මේ නාකියා කවුද කියලා ඔහු කබාලිට සමච්චල් කරනවා. සමච්චල් කර කබාලිව ඝාතනය කරන්න හදනකොටම, එක පහරකින් ඔහුව බිම හෙලූ කබාලි මෙන්න මෙහෙම කියනවා.

දෙමළ චිත්‍රපටිවල මෙතන ලපයක් තියාගෙන, රැවුල කරකවාගෙන, සරම කැහිපොට ගහගෙන.. නම්බියාර්, “ ඒයි කබාලි “ එහෙම කියාපු ගමන්.. දෙකට නැමිලා “ කියන්න හාමුදුරුවනේ “..එහෙම ඇවිත් ඉන්නවා නේ.. ඒ වගේ කබාලියෙක් කියලා හිතුවද බං ? කබාලි බං. (ප්‍රේක්ෂකාගාරයම අත්පොළසන් ප්‍රීතිඝෝෂා පවත්වති)

අවුරුදු 25 කට කලින් කබාලි කොහොමද යන්න ගියේ ඒ විදියටම ආපහු ආවා කියපන්. අර ටොනී ලීයි, වීරසේකරමුයි ලෝකේ කොයි මුල්ලක හිටියත් ඇවිත් මං ඉස්සරහා හිටගන්න ඕන !

ටෝනි ලී සහ වීරසේකරම් යනු දැනට ක්වාලාලාම්පූර් නගරය පාලනය කරන 43 කල්ලියේ ප්‍රභලයින්. ටෝනි ලී තමයි එහි නායකයා. අවුරුදු 25 කට කලින් කබාලිගේ කල්ලිය විසින් ඇතිකරපු යහපාලනය අද නැති වෙලා. මත් ජාවාරම, ගණිකා ජාවාරම එළිපිටම සිදුවෙනවා. ඔය සියල්ල අතරේ, කබාලිගේ අඳුරු මතකයන් නැවත ඔහුට වද දෙන්න පටන් ගන්නවා. තම ආදරණීය බිරිඳ කුමුදාවල්ලී..ඔහුට නිතරම මතක් වෙන්න පටන් ගන්නවා. ඇගේ මතකයන් අතර කබාලි කල්ගත කරනවා. ඔය අතරේ කබාලි ඝාතන සැළසුම් ක්‍රියාත්මක වෙනවා..ටොනි ලී සහ කණ්ඩායම කබාලිව ඝාතනය කිරීමට ප්‍රභල මැරවරියක් වන යෝගීව කැඳවනවා..ඉන් පසු සිදුවුණේ වෙනස්ම දෙයක්. ඒ ටික නරඹන්න ඔබට බාරයි.

සමාලෝචනය

ඇත්තටම කීවොත් මේ චිත්‍රපටයේ කතාව පට්ටම පට්ටයි කියලා මං කියන්නේ නෑ. නවක අධ්‍යක්ෂකවරයෙක් නිසා බොහෝ අඩුපාඩු තිබෙනවා. විචාරචීලී බුද්ධිමත් ප්‍රේක්ෂකයින්ට නම් මේ සිනමාව රසවිඳින්න බැරිවෙයි අවංකවම. ඒ නිසා මා කියන්න කැමතියි මෙයි රජිනිගේ රසිකයින් සඳහා විශේෂයි කියලා. නමුත් රජිනිගේ රසිකයින් බලාපොරොත්තු වූ මට්ටමටම මෙම චිත්‍රපටය පැමිණ නැති බව චිත්‍රපටය බැලූ අය දැක්වූ අදහස් වලින් පෙනීගියා. කෙසේ නමුත්, ඒ අඩු පාඩු සියල්ල තිබියදීත් ඉන්දියාවේ මෙය මෙතරම් සාර්ථක වෙන්න ප්‍රධානම හේතුව රජිනිකාන්ත් සහ ඔහුගේ ශෛලිය ලෙස දැක්විය හැකියි. ඒ නිසයි මා මුලින් සඳහන් කළේ මෙය ස්ටයිල්-සිනමා පටයක් කියලා. ඒ අතින් බලද්දී රජිනි සමඟ තරඟ කරන්න දමිළ සිනමාවේ හෝ බොලිවුඩ්හි තවත් සුපිරි තරුවක් නැහැ කියන කාරණය මේ චිත්‍රපටයෙන් තවදුරටත් තහවුරු කෙරුණා. ප්‍රධානම හේතුව රජිනි නමුත් අනික් නළු නිළියන්ගේ මෙහෙයද අගය කළ යුතුයි. කුමුදාවල්ලීගේ චරිතය රඟපෑ රාධිකා ආප්තේ නැමැති සම්මානලාභී බොලිවුඩ් නිළිය සුපිරිම රඟපෑමක නිරත වෙනවා. තවද තායිවාන නළු වින්ස්ටන් චාවෝ, අට්ටකත්ති දිනේෂ්, ජෝන් විජය්, සායි ධන්ෂිකා මෙහි රංගනයෙන් දායක වෙනවා. ඒ වගේමයි සංතෝෂ් නාරායන්ගේ සංගීතය. මෙහි පසුබිමින් වාදනය වුණ නෙරුප්පුඩානැමැති ගීතයත් මේ චිත්‍රපටයට ලොකුම බලයක් ජවයක් වුණා

Comments