EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKadhalikka Neramillai (2025) | ආදරේට වෙලාවක් නෑ!
2025 වසරේ ජනවාරි මාසයේ නිකුත් වුන දමිළ චිත්‍රපටයක්. ඉතින් මේකෙ අපි කවුරුත් දන්න නිත්‍ය මේනන් තමයි ප්‍රදාන චරිතය රගදක්වන්නේ. නිත්‍ය මේනන් දනුශ් සමග 2022 වසරේ නිකුත් වුන Thiruchitrambalam චිත්‍රපටයෙන් අවුරුදු තුනකට පසුව තමයි ඇයගේ අලුත් චිත්‍රපටයක් නිකුත් වුනේ.
ඉතින් මේක තිර රචනය සහ අද්‍යක්ෂණය කියන දෙකම කරන්නේ. Kiruthiga Udhayanidhi විසින්, තවද කලින් කිව්ව විදියට මේකෙ ප්‍රදාන රන්ගනයෙන් දායක වන්නේ නිත්‍ය මේනන් (ශියා) සහ රවී මෝහන් (සිද්ධාර්ත්), ඊට අමතරව මෙහි යෝගි බාබු විසින් ගවුඩා විදියටත්. විනේ රායි විසින් සේතු විදියටත්, බානු විසින් නිරුපමා විදියටත් රංගනයෙන් දායක වෙනවා. ඉතින් මෙය ඩ්‍රාම රොමෑන්ස් ගනයට තමයි අයත් වෙන්නේ.
ඉතින් කථාව පැත්තට ගියොත්,
ශ්‍රියා කියන්නේ චෙන්නායි වල ගෘහ නිර්මාණ ශිල්පිනියක්. ඉතින් මෙයා ලගදිම කසාද බැදල ලස්සනම ලස්සන බබෙක්ව හදන්න තමයි බලාපොරොත්තු වෙන්නේ යම් හේතුවක් නිසා ශ්‍රියාට විවාහ ගිවිසගැනීමෙන් පස්සේ කසාදෙ කරගන්න වෙන්නෙ නෑ. මේ අතරෙ දි බැංගලෝර් වල ඉන්න සිද්ධාර්ත්ටත් මේ වගේම වැඩක් තමයි සිද්ද වෙන්නේ. හැබැයි සිද්ධාර්ත්ටත් නම් ළමයෙක් හදන්න වැඩි ආසාවක් නෑ. ඉතින් දැන් ශ්‍රියාට ලස්සන බබෙක් හදන්නත් ඕන ඒත් කසාදෙත් නැවතුනා ආය කසාද බදින්න අදහසකුත් නෑ. ඉතින් ශ්‍රියා හොදට හිතල බලල එක තීරණයක් ගන්නවා……..
ඉතින් ශ්‍රියා කියන්නේ කවුද. ශ්‍රියා ඊට පස්සෙ මොනවද කරන්න යන්නේ. බැංගලෝර් වල ඉන්න සිද්ධාර්ත්ව කොහොමද මේ කතාවට සම්බන්ධ වෙන්නේ. මේව දැනගන්නනම් මේ කතාව බලන්නම වෙනව. ටිකක් වෙනස් විදියෙ කතාවක්.












