CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2702 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Kadhalum Kadanthu Pogum (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kadhalum Kadanthu Pogum (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 11, 2016India136 Min.
Your rating: 0
8.7 3 votes
Kadhalum Kadandhu Pogum (2016 ) | ආදරයත් පසුවී යයි.. !

අද මම ගෙනාවේ තවත් අපූරු ෆිලුමක්. මේකේ ප්‍රධාන නළුවා විජය් සේදුපති කීවාම ඉතින් ඕනැම කෙනෙක් මේ චිත්‍රපටයට කැමති වෙයි කියලා හිතනවා. ඒ මදිවට මැඩෝනා සෙබෙස්තියන් මෙන්න දමිළ සිනමාවට ඇවිල්ලා විජය් සේදුපතිත් එක්ක රඟපානවා. මැඩෝනා කියන්නේ වෙන කවුරුත් නෙවෙයි, ඔයාලා හොඳට දන්න සෙලින්. ප්‍රේමම් එකේ ජෝර්ජ්ව බැඳපු කෙල්ල. මේ පාර නම් මුරණ්ඩු චරිතයක් තමයි එයාට ලැබිලා තියෙන්නේ. එයා කීවා විජය් සේදුපති එක්ක රඟපෑම එයාට ලැබුණ භාග්‍යක් කියලා.

මේ වකවානුව විජය් සේදුපතිට ටිකක් හොඳ එකක් මොකද පිට පිටම එයාගේ ෆිලුම් ජනතාව අතරට ගියා. නානුම් රවුඩි තාන් ඔයාලා බලන්න ඇති. අද මම ඇරන් ආව චිත්‍රපටය කාදලුම් කඩන්දු පෝකුම්. කෙටියෙන් කීවොත් කා.කා.පෝ. මෙම චිත්‍රපටිය රිලීස් වෙන මොහොතේ පවා එයාගේ මාස් ෆිලුම “සේදුපති“ චිත්‍රපටයේ උණුසුම තාම පහව ගිහින් නැහැ. ඉතින් මේ චිත්‍රපටයත් ඒ වගේම ජනප්‍රිය වුණා. ඉතන් මම ඔයාලට කතාව පොඩ්ඩක් කියන්නම්.

යාලිනී කියන්නේ ඉංජිනේරු උපාධිධාරිණියක්. එයාගේ එකම ආසාව තමයි, චෙන්නායි වලට ගිහින් රැකියාවක් කරන එක. නමුත් ගෙදර අය මෙයා චෙන්නයි යනවට කැමති වුණේ නැහැ. ඒ නිසා මේකි මොකද කළේ, නිළ වශයෙන් ගෙදරින් පැනලා යනවා. නිළ වශයෙන් පැනලා යන්නේ කොහොමද කියලා ෆිලුම බැලුවොත් තේරෙයි. උඩ දාගෙන ගියාට මොකද චෙන්නයි ගියාට පස්සේ කබලෙන් ලිපට වැටුණා වගේ වැඩක් තමයි එයාට වුණේ. අවසානේ ඉන්න තැනක් නැතුව බෙහෝම අමාරුවෙන් පොඩි කොළනියකට සෙට් වෙනවා. එතැනදී තමයි සේදුපති ගේ ආගමනය, නම කදිරවන් නැත්නම් කදිර්. කදිර් ඉන්නේ යාලිනීට අල්ලපු කාමරේ. එයා පුංචි පහේ මැරයෙක්. නමුත් හිත හොඳයි. කදිර් යම් යම් අවස්ථාවල බොහොම අව්‍යාජව මේ කෙල්ලට උදවු කරනවා. නමුත් එයාගෙ හිතේ කිසිම යටි අරමුණක් නැහැ, යාලිනී සම්බන්ධව. මේ දෙන්නගෙ ජීවිත දෙවිදිහක් වුණාට ඒවායේ බොහෝ සමාන කම් තියනවා. එම නිසාම මේ දෙපළ එකිනෙකාට සහයෝගයෙන් කල් ගත කරනවා. යාලිනීගේ එකම අරමුණ පරිගණක අංශයෙන් රැකියාවක් ලබා ගන්න. කදිරවන්ගේ අරමුණ බාර් හිමියෙක් වෙන්න. වෙනස්ම පාරවල් දෙකක ගියත්, එක වගේ බලාපොරොත්තු ඇති දෙදෙනෙක් . ඔහොම ඉන්නැද්දි, යාලිනිගේ ජීවිතේ ලොකුම උදවුව කදිරවන් ඉටු කරනවා. ඒ තමයි, යාලිනී යන්න තියන සම්මුඛ පරීක්ෂණයක් පැයකින් පරක්කු කරන එක. කදීර් කොහොමද ඒක කලේ? ඉතින් යාලිනීට රැකියාවක් ලැබිලා ඉහළ තැනකට ගියාට පස්සේ කදිරවන්ව අමතක වෙයිද? ඔයාලම බලලා මේ කතාව තේරුම් ගන්න. “ආදරයත් පසුවී යයි“ කියලා ඇයි නම දැම්මේ කියලා ඔයාලට තේරෙයි.

මේ චිත්‍රපටියට මම කොච්චර ඇලුම් කළාද කියනවා නම්, අවුරුදු සාද පවා මඟහැරලා තමයි මේ උපසිරැසිය කළේ. මේ නිසා හිත් අමනාපකම් පවා ඇති වුණා. නමුත්, ඒ තරම්ම රසවත් සහ විනෝදජනකයි. අවසානෙට මම මේ චිත්‍රපටයේ එක දෙබසක් පහතින් තබා යන්නම්. ජයවේවා !

ජීවිතේ සමහර අවස්ථා එන්නේ එක පාරයි.
ඒවා මඟ හැරියොත්…
අපි ඒ ගැන මතක් කරමින් මුළු ජීවිතේ පුරාම විඳවනවා.. !

Kadhalum Kadanthu Pogum (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadhalum Kadanthu Pogum (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ඉන්ද්‍රජිත් උදය කුමාර (Baiscopelk)
IMDb 7.4 /10 3,465 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

G. M. Sundar isThilagar
Thilagar
Rindhu Ravi isYazhini's mother
Yazhini's mother
Ramesh Thilak isCab Driver (Guest Appearance)
Cab Driver (Guest Appearance)

Similar titles

Nerkonda Paarvai (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo (2002) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaatera (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ice Age (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Silent Night (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fate/stay night [Heaven’s Feel] III. spring song (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oldboy (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dear Zindagi (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhoomi (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Hacksaw Ridge (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
I Love You (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ishq Vishk Rebound (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published