EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Karthikeya (2014) Sinhala Subtitles (සිංහල උපසිරැසි)

Karthikeya (2014) Sinhala Sub
Karthikeya (2014) Sinhala Subtitle
Karthikeya (2014) Sinhala Subtitles

 

ඔන්න කට්ටියට තවත් තෙලිගු ෆිල්ම් එකක් අරන් ආවා මේක නම් ත්‍රිලර් ගනයට අයත් එකක්. ඔයාල ඒ වගේ ඒවට ආස ඇති කියලා හිතනවා. හැමදාම වගේ මේකත් 2014 වර්ශයේ තිර ගත උන චිත්‍රපටියක්. එහෙනම් චිත්‍රපටිය ගැන කතා කරමුකෝ.

Chandoo Mondeti විසින් අධ්‍යක්ෂනය කරන මෙය අති විශාල IMDB Rating අගයක් අරන් තියෙනවා. ඒ තමයි 8.0 පේනවනෙ කොච්චර හොදද කියලා. මේ චිත්‍රපටිය වෙනුවෙන් රංගනය දක්වන්නේ Nikhil Siddharth, Swati Reddy යන දෙදෙනායි. නිලිය නම් ඔයාල www.zoom.lk එකෙන් දීපු Vadacurry ෆිල්ම් එකෙන් දකින්න ඇතිනේ. 2014 වර්ශයේ ඔක්තොම්බර් 24 වන දින තිරගත වෙන අතර තෙලිගු සහ දමිල භාශවන්ගෙන් නිර්මාණය වී ඇත. චිත්‍රපටිය සඳහා ඉන්දියානු රුපියල් මිලියන 60 වියදම් වෙලා තියෙනවා. ඒ වගේම බොක්ස් ඔෆිස් ආදයම් වාර්ථාවට අනුව. ආදායම උපයලා තියෙනවා රුපියල් මිලියන 200ක් වෙනවා.

ඔන්න එහෙනම් චිත්‍රපටියේ කතාව ගැන පොඩි විස්තරයක් කරන්නම්. කාර්තික් කියලා වෛද්‍ය සිසුවෙක් ඉන්නවා. එයා හරිම පුදුම කෙනෙක්. ලෝකෙ තියෙන හැම දේකටම පිළිතුරත් තියෙනවා කියලා තමයි එයා කියන්නේ. මේ නිසා මෙයා විශේෂයෙන්ම රහස් සහිත දේවල් ගැන හොයන්න පෙලබෙනවා. මේ අතරේ එක්තරා ගමක ආර්ටිකල් ලියන රචකයෙක් නයෙක් ගහලා මැරෙනවා. ඒ එයා ඒ ගමේ වැහිලා තියෙන දේවාලයක් ගැන පොතක් ලියන්න ගිය නිසා. එක දවසක කාර්තික් එයාගෙ අවසන් විභාගෙන් පස්සේ ස්වේච්චා සේවයෙන් කරන මෙඩිකල් කෑම්ප් එකක් කරන්න අර දේවාලෙ තියෙන ගමට යනවා. ඒ ගිය කාර්තික් වහලා දාල තියෙන දේවාලෙ ගැන හොයන්න පෙලබෙනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලම බලන්න. මොකද මේ ත්‍රිලර් එකක් නිසා සේරම කියලා බෑනේ

Comments