EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kaththi Sandai (2016) | කළු සල්ලි සුදු කිරීමේ සටන

දවසක් මහ රාත්‍රියේ ඩී.සී තමිල් චෙල්වන් කියන පොලිස් නිළධාරී තුමන් විසින් කෝටි 50 ක මුදලක් පැහැරගෙන යමින් තිබුණු කන්ටේනරයක් අත්ඩඅංගුවට ගන්නවා. ඒ සල්ලි කාගේද කියලා විමර්ශනය කරමින් ඉද්දි තමයි කොහේදෝ ඉඳන් විශාල් ඇවිත් ඩී.සීගේ නංගි තමන්නාට ආදරේ කරන්න පටන් ගන්නේ. ඒ පළාතේ නමගිය මැරයෙක් වෙන දේවා (සූරි) ගේ උදවුවෙන් කොහොම හරි විශාල් තමන්නාව දාගන්නවා. අවසානේ ඩී.සී තමිල් චෙල්වන්ගෙත් හිත දිනාගෙන විශාල් තමන්නාගේ ගෙදරටම රිංග ගන්නවා. දවසක් කවුරුත් නොහිතපු විදියට ඩී.සීව පිරිසක් විසින් පැහැරගෙන ගිහින් මුදල් ඉල්ලනවා. ඒ වෙලාවේ අදාළ මුදල ඇරගෙන ඩීසීව බේරගන්න යන්නේ විශාල්. එතෙන්ට ගිහින් මැරයින්ට හොඳටම ගහලා මස්සිනාවයි සල්ලියි දෙකම බේරගෙන ආපහු ගෙදරට එනවා. ඊට පස්සේ සිදුවන්නේ අපි කවුරුත් නොහිතපු දෙයක්..ඩීසීව පැහැරගැනීමේ ඉඳලා බේරගැනීම දක්වා සියල්ලම සැලසුම් කරලා තියෙන්නේ විශාල්. එතකොට තමන්නාට ආදරය කළේ බොරුවටද? වෙන්න පුළුවන්. එයා ඇයි එහෙම කළේ ? මොකද, එදා අත්අඩංගුවට ගත්තු කන්ටේනරයේ තිබුණේ කෝටි 50 ක් නෙවෙයි. කෝටි 300 ක් ! එහෙනම් ඉතිරි කෝටි 250 ට මොකද වුණේ? ඒ තමයි විශාල් ඩී.සීගෙන් අහපු ප්‍ර‍ශ්ණේ. එහෙම කියද්දි අපිටත් ප්‍ර‍ශ්ණයක් එනවානේ “තමුසේ කවුද? අපේ සල්ලි වලින් තමුසෙට ඇති උවමනාව මොකද්ද? “ කියලා..එහෙනම් ඔය ප්‍ර‍ශ්ණ සේරටම උත්තරේ හොයාගන්න පුළුවන් ෆිලුම බැලුවොත්.

හොඳ කතාවක් වුණාට චිත්‍ර‍පටිය නම් හොඳට කරලා තිබුණේ නැහැ කියලා කියන්න කැමතියි. චිත්‍ර‍පටිය ඕනැවට වඩා විහිළුවට බර කරන්න ගිහින් සවුත්තු කරගෙන. මේ කතාවේ පළවෙනි බාගය නම් ටිකක් විතර රසවිඳින්න පුළුවන් වුණා සූරිගේ කොමඩි නිසා. නමුත් අනිත් බාගේ නම් අවංකවම එපා කෙරෙවුවා අර වඩිවේලු කියන හාදයා. වඩිවේලු නැතුව වෙනත් කෙනෙක් දැම්මා නම් ෆිලුම තවත් හොඳ වෙන්න තිබුණා. තමන්නාටත් මේ චරිතේ අවශ්‍යමද කියලා මට හිතුණා. කොහොම වුණත් අවසානේ වෙද්දි නම් චිත්‍ර‍පටියේ යම් කිසි හොඳ ගලා යෑමක් දකින්න පුළුවන්. දේශපාලකයින්ගේ වැරදි වැඩ නිසා මිනිස්සුන්ට සිදුවෙන අසාධාරණකම් ගැන තමයි කතා කරලා තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවා නම් ඇරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

Comments