EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kevin Hart: Acting My Age (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Leslie Small
Country:United States of America
Year:2025
Subtitle By: හෂාන් වික්රමනායක (Cinerulk )
Country: United States
Kevin Hart: Acting My Age (2025) | “ වයසට හරියන වැඩ ”
මේක පට්ට කොමඩියක්. කෙවින් හාට් (Kevin Hart) ගැන නොදන්න කෙනෙක් නෑනේ. Jumanji, Central Intelligence වගේ ෆිල්ම් වල අපි දැකපු කෙවින්ගෙ අලුත්ම Stand-up Comedy එක තමයි මේ අරන් ආවේ. හිනා වෙලා පණ යන වැඩක් නිසා සිංහල සබ් එකත් එක්කම ගේන්න හිතුනා.
මේකෙ නම Acting My Age. නමේ හැටියටම මේකෙන් කෙවින් කතා කරන්නෙ එයා දැන් වයසට යන එක ගැන. ඉස්සර වගේ පිස්සු කෙලින්න බෑ, දැන් ටිකක් වයසට ගැලපෙන විදිහට ඉන්න ඕන කියන එක තමයි මෙයාගෙ තේමාව. හැබැයි ඉතින් මෙයා ඒක කියන්නෙ අපිට බඩ රිදෙනකල් හිනා වෙන්න පුළුවන් විදිහට. එයාගෙ පවුලේ දේවල්, ළමයි එක්ක වෙන සිද්ධි සහ සමාජයේ වෙනස්කම් ගැන එයාටම ආවේණික වේගවත් විදිහට මේකෙදි විස්තර කරනවා. කෙවින් හාට්ගේ කලින් ෂෝ බලපු අය දන්නවා මිනිහා ස්ටේජ් එකට නැග්ගාම මොකද වෙන්නෙ කියලා.
මෙතනින් එහාට විහිළු ටික කියන්න යන්නෙ නෑ, ඒක ඔයාලම බලල හිනා වෙන්න ඕන. මානසික නිදහසට කොමඩි බලන්න ආස අයට නම් මේක නියම විසඳුමක්. අද වෙද්දි IMDb අගයත් හොඳ මට්ටමක තියෙනවා. එහෙනම් හිනා වෙන්න ලෑස්ති වෙලා මේක බලන්න



