EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Khaidi No. 150 (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Gopalakrishna Paruchuri, V. V. Vinayak
Cast
Go Full Cast PageKhaidi No. 150 (2017) | ගොවියන් වෙනුවෙන් ද්විත්ව සටනක
අද ආවේ සුපිරි තෙලිගු ෆිලුමක් අරගන, ෆිල්ම් එකනම් ඇවිත් ටික දවසක් වෙනවා.ඒත් ඉංග්ලිෂ් සබ් එක ඇවිත් සතියක්වත් නැ. පුළුවන් ඉක්මනට ඉතිං අරගන ආවා. ලයින් 2305ක් ඒත් ඉතිං අත ගහපු වැඩේ කරා. කාජල් අග්‍රවාල් සමගින් චිරන්ජීව් ප්‍රධාන චරිතය නිරුපණය කරනවා. ඒ වගේම මේ එයාගේ 150වන සිනමා නිර්මාණය,කතාව AR මුරුගදොස්ගේ,අධ්‍යක්ෂණය විනායක්ගේ,ෆිලුමේ වැඩ පටන් ගැන තියෙන්නේ 2016 ජූනි මාසයේ දර්ශන තලය ගොඩක්ම දිවෙන්නේ හයිද්‍රාබාද් නගරය මුල් කරගන, ඒ වගේම මේක රී මේක් ෆිල්ම් එකක්, 2014 වසරේ තිරගත වුනු කත්ති ෆිල්ම් එකේ තෙලිගු ෆිල්ම් එක.ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව ෆිල්ම් එක බලන්න පුළුවන් ගැලපෙන වෙනස්කම් සමගින් තමයි නව නිෂ්පාදනය සිදු කරලා තියෙන්නේ.IMDB අගය 6.4ක් සටහන් වෙලා තියනවා. බොක්ස් ඔෆිස් වාර්තා ගැනත් සදහන් කරන්නම ඕන, පළමු දිනය තුල ඉන්දියාව පුර තිරගත වුනු මෙම චිත්‍රපටිය කෝටි 41 අධික අදායමක් උපයා ගන්න සමත් වුනා.දින 4ක් තුල කෝටි 100ක අදායමක් වාර්තාවක් සටහන් කරන්නත් සමත් වුනා. ආදායම් වාර්තා බැලුවම ෆිල්ම් එක ගැන අදහසක් එන්න ඇතිනේ….
කතාව ගැනත් ටිකක් කියලම යන්නම් ගොවීන්ගේ ගැටළු ගැන කියවන සුපිරි කතාවක්, සීනූ ශංකර් මේ චරිත දෙක වටා තමා කතාව යන්නේ, චිරන්ජිව් තමයි මේ චරිත දෙකටම රංගනයෙන් දායක වෙන්නේ….සීනූ හිරකාරයෙක් ශංකර් ගොවින් වෙනුවෙන් සටන් වදින කෙනෙක්, සමාගමක් ශංකර්ගේ ගමේ ඉඩම් බලෙන් අල්ලගන්න එනවා… ශංකර් මේ සමාගම් එක්ක සටන් කරනවා…මේ හින්දා ජීවිත වලින් වන්දි ගෙවන්නත් ශංකර්ගේ ගමේ අයට සිද්ධ වෙනවා…එක පාරම මේ චරිත දෙක මාරු වෙනවා, ඒ කිව්වේ සීනූ ශංකර් වෙලා, ශංකර් සීනූ වෙනවා. කතාවේ හොදම ටික ෆිල්ම් එක අරගනම බලන්න යාලුවනේ.







