EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKill ’em All 2 (2024) | සැඟවීමට නොහැකි වූ අතීතය
2017 වසරේ තිරගත වූ, සුපිරි සටන් නලු වෑන් ඩෑම්ගේ Kill’Em All චිත්‍රපටයේ දෙවන කොටස වන Kill’Em All 2 පෙරේදා, එනම් 2024 සැප්තැම්බර් 24 දින ඩිජිටල් මාධ්‍යයෙන් නිකුත්වුනා. පහුගිය කාලෙ පුරාම වෑන් ඩෑම්ගෙ අසාර්ථක චිත්‍රපට පෙළක් තමයි ආවෙ. ඒවා එක්ක බලනකොට මේක හොඳ තත්ත්වයේ තියෙනවා. පළමු කොටස වගේම ෆුල් ඇක්ෂන් චිත්‍රපටයක්. මේකෙ එක විශේෂත්වයක් තියෙනවා. ප්‍රධාන නිලි භූමිකාව, එනම් වෑන් ඩෑම්ගේ දුව ලෙස සටන්කාමී චරිතයකින් එකතුවන්නේ අපේ ශ්‍රී ලන්කන් බියුටි, ජැකලයින්. 2022 දී Tell It Like a Woman නමැති ඇමරිකන්-ඉතාලි චිත්‍රපටයක රඟපෑ ඇයගේ දෙවෙනි හොලිවුඩ් නිර්මාණය තමයි Kill’Em All 2. ඇත්තටම ඇය අපේ රටට ආඩම්බරයක්. හොලිවුඩයේ පවා ශ්‍රී ලංකා නම කියවෙනවනෙ ඇය නිසා. Jean-Claude Van Damme (පිලිප්) සහ Jacqueline Fernandez (වැනෙස්සා) සමග Peter Stormare (හොල්මන්), Talia Asseraf (ලීඩියා) සහ Andrei Lenart (ව්ලැඩ් පෙට්‍රොවික්) රංගනයෙන් එකතු වෙනවා. ධාවන කාලය විනාඩි 85 යි. දිමිට්‍රි පෙට්‍රොවික් සහ ඔහුගේ ගැන්සිය සමූල ඝාතනය කලාට පස්සෙ ( Kill’Em All – 2017 චිත්‍රපටය ), සීඅයිඒ ඒජන්ට් පිලිප් විශ්‍රාම ගිහින්, එයාගෙ දුව ( වැනෙස්සා ) සමග ලෝකෙන් සැඟවිලා ජීවත්වෙන්නෙ. දිමිට්‍රිගේ මරණය වෙනුවෙන් පලිගන්න බලන් ඉන්න ඔහුගේ සහෝදරයා වන ව්ලැඩ්මීර් පෙට්‍රොවික්ට පිලිප් ගැන, පිලිප් ඉන්න තැනක් ගැන තොරතුරක් ලැබෙන්නේ අවුරුදු 7 කට පස්සෙ. ඒ අනුව ඔහු පිලිප්ගේ උපන් ගමට යනවා. ඒ සමගම පිලිප්ගේ සාමකාමී ජීවිතය අවසන් කරමින් යුද්ධයක් ඔහු සොයාගෙන එනවා. මේකෙ අසභ්‍ය දර්ශන නැති බව විශේෂයෙන් කියන්න ඕනෙ.
Share
Links
Comments












