EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKisi Ka Bhai... Kisi Ki Jaan (2023) | සිංහල උපසිරැසි සමඟ
Veeram 2014 දමිළ චිත්‍රපටයේ අනුවර්තනයක් වන Kisi Ki Bhaai Kisi Ki Jaan කියන චිත්‍රපටයට තමයි එහෙනම් ඔන්න අරගෙන ආවේ.
Salman Khan, Pooja Hegde, Venkatesh, Bhumika Chawla, Raghav Juyal, Jassie Gill, Siddharth Nigam, Shehnaaz Gill, Tanikella Bharani සහ Jagapathi Babu රංඟනයෙන් දායක වෙන මේ චිත්‍රපටය Action, Comedy, Romance ශාරනයන්ට අයත් වනවා.
භායිජාන් කියන්නේ මල්ලිලා 3න් දෙනෙක් එක්ක කොළනියක ජීවත් වෙන කෙනෙක්. මෙයාලගෙ ප්‍රතිපත්තිය තමයි කසාදයක් කර නොගන්න එක. ඒත් මල්ලිලා ලොකු මහත් වෙනකොට එයාලා සහකාරියන් හොයාගන්න නිසා, දැන් භායිජාන්ටත් කෙල්ලෙක් පටලවලා දෙන්න තමයි මෙයාලා හදන්නේ.
ඔහොම හොයනකොට මෙයාලට එක ගැහැනු ළමයෙක්ව හම්බවෙනවා. හැබයි එයා කැමති ශාන්ත ස්වභාවයේ අයට. භායිජාන් කියන්නේ ඉතිං රතිඤ්ඤාවක් වගේ කෙනෙක්. කිසිම ශාන්ත බවක් නෑ. කොහොම හරි අන්තිමේ ගැහැනූ ළමයත් එක්ක ඇයගේ ගමට යන්න පිටත් වෙනවා මේ හැමෝම. ඇය දකුණු ඉන්දියානු තරුණියක්. තෙළුගු භාශාව තමයි කථා කරන්නේ.
ඉතිං මේ ගමන නිසා, භායිජාන් ඇතුලු මේ දකුණු ඉන්දියානු පවුල අතරට මැර ප්‍රහාර රැසක් එල්ල වෙන්න ගන්නවා. මෙහෙම කවුද පහර දෙන්නේ? ඇයි මරන්න හදන්නේ? මේ පවුල කවුද? ඇත්තටම සංසුන් අයද? මේවා දැනගන්න නම් බලන්නම වෙනවා.
සල්මන් ඛාන්ගේ කලින් ෆිල්ම් එකට වැඩිය නම් මේක හොඳයි. පොඩ්ඩක් සල්ලුගෙ ඉන්ට්‍රිය තමා ගොන්. ඒවගේම ගීත 08ක් ඇතුළත් වෙනවා.








