EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Kuch Kuch Hota Hai (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageKuch Kuch Hota Hai (1998) Sinhala Subtitles | සමකෝණි ත්‍රිකෝණයකි ඔබත් මමත් ඇයත් සිටින [සිංහල උපසිරසි සමඟ]
තුම් පාස ආයේ – යූ මුස්කුරායේ
තුම් නේන ජානෙ ක්‍යා – සපනේ දිකායේ
අබතො මෙරා දිල් – ජාගෙන සෝතා හේ
ක්‍යාකරු හායේ – කුචු කුචු හෝතා හේ
ඔබ මා ලගට පැමිනියා – මා සමග සිනහ වූවා
ඔබ දන්නෙ නෑ මන් ඔබ ගැන කොතරම් හීන දැක්කද කියා
දැන් මාගෙ හදවත අවදි නොවෙ, නිදානොගනි.
මන් මොනා කරන්නද?
මොකද්දෝ යමක් සිද්ධවෙනවා…
නමස්තෙ කිව්වා එහෙනම් කට්ටියටම, මන් අද ගෙනාවෙ මගෙ 14 වෙනි සිංහල උපසිරසි නිර්මාණය. කියන්න දෙයක් නෑ සිංදුව ඇහෙනකොට දන්නවනෙ ඉතින් මේක ලෝකයෙ ඉතාම ජනප්‍රිය බොලිවුඩ් සලරුවක් කියලා. ගොඩක් අය බලලත් ඇති. නොබලපු අයයි බලපු අයයි ඔක්කොමලා බලන්නකෝ. මේකට imdb මිටරේ 7.4ක සුපිරි අගයක් ලැබිලා තියේ. ඒක ඉතින් අහන්නත් දෙයක්ද, ශාරුක්නෙ ඉන්නෙ. ඉතින් කොල්ලට කොහොමත් ලැබෙනවා.
මේකෙ කතාව මෙහෙමයි. රාහුල් කියන්නෙ තරුණකමින් අගතැන්පත් කොල්ලෙක්, එතකොට අංජලි කියන්නෙ එයාගෙ හොදම යාළුවා. වැඩ නිකන් හරියට කොල්ලෙක්ගෙ වගෙ. දෙන්නම ඉන්නෙ එක පාසලෙ. රාහුල්ගෙ වැඩේ කෙල්ලො පස්සෙ යන එක. ඉතින් මේ පාසලෙ විදුහල්පතිගෙ දුව ටිනා එනවා ලන්ඩන් ඉඳන් මේ පාසලට. රාහුලුත් නිකන් ඉන්නෙ නෑ. ගිහින් දානවා කොක්ක ටිනාට. රාහුල් නොදන්නවා උනාට අංජලි රාහුල්ට හරිම මනාපයි. නමුත් ඉතින් රාහුල් නම් යාළු වෙන්නෙ ටිනා. එක්ක ඊට පස්සෙ මොකො වෙන්නෙ බලලම දැනගන්නකෝ එහෙනම් රාහුල්ගෙයි අංජලිගෙයි ටිනාගෙයි තුන්කොන් ආදරේට මොකද වෙන්නෙ කියලා. ලස්සන සිංදුත් ගොඩාක් තියෙන මේ සලරුව ඉන්දියාවෙ පමණක් නොවෙයි ලෝකෙම අතිශයින්ම ජනප්‍රිය වූවක්. ඒ වගෙ එකක් සිංහල එක්ක ගෙනාවට අපිට සලකන්න ඔනි හරිද. දන්නවනෙ ඉතින් ක්‍රමේ. එහෙනම් ගොහින් එන්නම්.






