EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKung Fury (2015) | “පරීක්ෂක කුංග් ෆියුරි”
ඉතින් මේ කෙටි චිත්‍රපටයේ නම තමයි “Kung Fury”. මේ කෙටි චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ 2015 මැයි 22 වන දින. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ David Sandberg විසින්. මේ කෙටි චිත්‍රපටිය 8/10 IMDB අගයක් සහ ගූගල් පරිශීලකයන්ගෙන් 89% ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. කෙටි චිත්‍රපටියේ ධාවන කාලය (RUN TIME) මිනිත්තු 31 ක් වන අතර මේ ගැන චිත්‍රපටිය Comedy/Sci-fi කාණ්ඩයට අයත් වෙනවා.
හරි අපි දැන් කතාව පැත්තට යමු…
1980 ගණන්වල මුල් භාගයේ දී, මියාමි පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂක කුංග් ෆියුරි හා ඔහුගේ සහකරු ඩ්‍රැගන් කිසියම් පුද්ගලයෙක් ලුහුබදිනවා. ඉතින් එම වෙලාවේ කුංග් ෆියුරිට කිසියම් අහිමි වීමක් දරා ගන්න සිදු වෙනවා.
1985 දී අමුතු ආකාරයේ සිද්දියක් වෙනවා. ඒ තමයි ආකේඩ් යන්ත්‍රයකට පණ එනවා. ඔන්න මෙතන ඉදන් තමයි සෙල්ලම පටන් ගන්නේ. මේ කෙටි චිත්‍රපටියේ ප්‍රධාන හතුරා “කුංග් ෆියුරර්” එහෙම නැත්තන් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් කාලරාමුවට ඇතුල් වෙනවා. මෙතනින් එහාට මොකක්ද වෙන්නේ කියලා දැන ගන්න ඔයාලට අනිවාර්යයෙන් කෙටි චිත්‍රපටිය නරඹන්න සිද්ධ වෙනවා.ඒ වගේම මේකෙ අවසන් භාගයේ අපි හොඳටම දන්න කෙනෙක්ගෙ Cameo එහෙකුත් දකින්න පුළුවන් වෙනවා.






