CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2599 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
  • Player 04 480p [No Ads]
  • Player 04 720p [No Ads]
Kursk (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Kursk (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Nov. 07, 2018France118 Min.
Your rating: 10
9 7 votes
Kursk (2018) | අවාසනාවට සත්‍ය කතාවක්….

IMDb දර්ශකයේ 6.5ක් rotten Tomatoes වර්ගීකරනයේ 71%ක් ලබාගත්තු සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය උන සුපිරිම සිනමා සිත්තමක්. කෙටියෙම්ම කිව්වොත් මිනිත්තු 117 ක් පුරාවට ඉහලට ගත්තු හුස්ම ආපහු පහලට දාන්න අමතක කරවන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ 2000 අවුරුද්දේ අගෝස්තු මාසෙ 12 වෙනිදා බැරන්ට් මුහුදේදී සිද්ද උන රුසියානු Kursk සබ්මැරීන් ඛේදවාචකය අලලා ” Robert Moore “ විසින් රචිත ” A Time to Die “ කෘතිය පාදක කරගෙනයි. මේ ෆිල්ම් එකේ කතාව ගැන කියන්න උත්සාහ කරන එක මහම අමාරු වැඩක්.

2000 දශකයේ මුලු ලෝකෙම හොල්ලපු මේ සිදුවීම ගැන නං නොදන්න කෙනෙක් නැතුව ඇති. මේ සිද්ධිය වෙනකොට පුටින් ජනාධිපතිපති වෙලා යන්තං මාස 8යි. බංකොලොත් වෙලා හතරගාතෙන් වැටිලා හිටිය රුසියාව අවුරුදු 10කට පස්සේ ලෝකෙටම පේන්න නාවික අභ්‍යාසයක් කරන්න සූදානම් වුනා. ඒ පුහුණුවට සහභාගී උන න්‍යෂ්ටික සබ්මැරීනයක් උන Kursk එකේ ඉදලා පුහුණු ටෝර්පිඩෝවක් නිකුත් කිරීමට කරපු උත්සාහයේදී ටෝර්පිඩෝ ආවරණයේ වෙල්ඩින් තියපු තැනක තිබුන කුඩා සිදුරකින් උන කාන්දුවක් නිසා ටෝර්පිඩෝව සබ්මැරීනය තුලදීම පුපුරා යනවා. ඊට මිනිත්තු කීපයකට පසුව ගබඩා කර තිබූ ඉතිරි යුධ අවි සියල්ලමත් රිච්ටර් පරිමානයේ 4.2ක දැවැන්ත පිපිරුමක් සනිටුහන් කරමින් පුපුරා යනවා. ඒත් සමගින්ම සබ්මැරීනය එහි සිටි නාවිකයන් 118 දෙනාම සමගින් බැරන්ට් මුහුදු පතුලේ සැගව යනවා. නමුත් පිපිරුමෙන් සබ්මැරීනයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශයට පත් උනත් පසුපස කොටසේ සිටි නාවිකයන් 23දෙනෙකු දිවි බේරා ගැනීමට සමත් උනා. නමුත් ඔවුන් සියලු දෙනාම සබ්මැරීනයේ 9වෙනි කුටීරයේ කුඩා ඉඩක සීමිත ඔක්සිජන් සහ ආහාරත් සමග මුහුදු පතුලේ සිර වෙනවා.

එයින් පස්සෙ ඇරැඹුණේ ලෝක ඉතිහාසයේ මිනිස් ජීවිත ඇපයට තියා ගනිමින් සිදුකල ලැජ්ජා සහගතම දේශපාලනික බල සංග්‍රාමයකුයි. රුසියානුවන්ට නාවිකයින්ව බේර ගන්න අවශ්‍ය උන නවීන තාක්ශණික උපකරණ තිබ්බෙ නෑ. ඒ වගේම එයාලට බටහිර රටවල් වලින් උදව් ඉල්ලන්නත් බෑ ලැජ්ජාව නිසා. ඒක නිසා රුසියානුවන් කලේ බොරු මාධ්‍ය හමු තියමින් නාවිකයින් මියයනතුරු කල් මරන්න උත්සාහ කරපු එක. ඒ වගේම ඒ මාධ්‍ය හමු වලදී ප්‍රශ්න අහන නාවිකයින්ගේ පවුල්වල සාමාජිකයන්ව රහසේම අඩපන කරලා ශාලාවෙන් එළියට දාන එක. ( කෑගහන අයට හොරෙන්ම එන්නතක් විදලා එලියට අරන් යන සත්‍ය දර්ශන ඇතුලත් වීඩියෝවක් යූටියුබ් එකේ තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එකෙත් ඒ සිදුවීම අන්තර්ගතයි. ) මේ අතරතුරේදී බටහිටර රටවල් වලට ඕනෙ උනේ ලැබුන චාන්ස් එකෙන් එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්ම බිම දා ගන්න. සබ්මැරීනයේ හිර උන නාවිකයින්ව බේරගෙන මුලු ලෝකෙටම පේන්න හිත හොද වීරයගෙ චරිතෙ රගපාන ගමන්ම රුසියාවට ලෝකෙම ඉස්සරහා රිදෙන්න ටොක්කක් අනින්න. කොහොම උනත් දේශපාලනික කඹ ඇදීමේ අවසානය වගේම විනිශ්චයත් ඉතිහාසයටම බාරයි. මේ ෆිල්ම් එක ගැන මම මීට වඩා කිසිම දෙයක් කියන්න යන්නෙ නෑ. මොකද මේ ෆිල්ම් එක නරඹලා මිසක් කියවලා රසවිඳින්න බැරි විදියේ එකක් නිසා. ඒ නිසා හැම කෙනෙක්ටම ආරාධනා කරනවා මේ ෆිල්ම් එක රසවිඳින්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම හසිත මධුෂාන් (Baiscopelk)
IMDb 6.6 /10 20,367 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Matthias Schoenaerts isMikhail Averin
Mikhail Averin
Léa Seydoux isTanya Averina
Tanya Averina
Peter Simonischek isAdmiral Vyacheslav Grudzinsky
Admiral Vyacheslav Grudzinsky
August Diehl isAnton Markov
Anton Markov
Max von Sydow isAdmiral Vladimir Petrenko
Admiral Vladimir Petrenko
Colin Firth isCommodore David Russell
Commodore David Russell
Bjarne Henriksen isRussian Rescue Ship Captain
Russian Rescue Ship Captain
Magnus Millang isOleg Lebedev
Oleg Lebedev
Artemiy Spiridonov isMisha Averin
Misha Averin

Similar titles

Expend4bles (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rat Race (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Broken Hearts Gallery (2020) With Sinhala Subtitles
Killer Body Count (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Infection  (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Offering (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Oh Manapenne (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Warcraft (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Nadaaniyan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Posham Pa (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ratnamanjarii (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pyaar Prema Kaadhal (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published