EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageKurukku (2024) | ද්විත්ව ඝාතනයක්
ආයුබෝවන්, තවත් අලුත් මිස්ට්‍රි ත්‍රිලර් මලයාලියක උපසිරැසියක් මෙන්න. මේකෙ ඉන්නෙ වැඩිය ඇස නොගැටෙන සහ නවක නළු නිළි සමූහයක් කිව්වොත් නිවැරදියි. අපි පුරුදු වෙලා ඉන්නෙ නළු නිළි තාරකා නාමාවලිය කියවල ෆිල්ම් එක බලන්න නේ. අරයගෙ ෆිල්ම් එක මෙයාගෙ ෆිල්ම් එක කියල. ඇත්තටම සමහර ෆිල්ම් හිට් වෙන්නෙත් කතාවට වඩා නළුව හෝ නිළිය නිසා. හිතන්න මේ දවස් වල ලංකාවෙ රූ ගත කරන මොහාන් ලාල් මම්මුට්ටි ද්විත්වය රඟන ෆිල්ම් එකට මොන වගේ තැනක් ලැබෙයිද කියල. කොහොම උනත් ඒ නිසා මේ වගේ සැලකිය යුතු චිත්‍රපටි මග හැරෙනවා. මේකත් ඒ වගේ තමයි. වැඩිය දිග නෑ. පැය 1යි විනාඩි 40ක් විතර නිසා කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන්. ඒ වගේම මේකෙ කතාවත් කුතුහලය දනවන සුලු එකක්.
ද්විත්ව මිනී මැරුමක් සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් ගෙන යන විමර්ශනයක් මෙයට පාදක වෙනවා. විවිධ ට්විස්ට් මැද නියම මිනී මරුවන් සොයා ගැනීමට කරන උත්සාහයක් මෙහි අඩංගුයි.
ඉතින් කිව්ව වගේම අභිජිත් නුරානි නම් අධ්‍යක්ෂක වරයගෙ කුළුඳුල් චිත්‍රපටය මේක. අනිල් ඇන්ටෝ, මීටා නායර්, ප්‍රීතා ප්‍රදීප් ,බාලජි ශර්මා සමග තවත් නළු නිලි පිරිසක් මෙහි රඟපානවා.මේකත් බලන්න් ආරාධනා කරනවා


