EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Kuruthi Aattam (2022) Sinhala Sub
Kuruthi Aattam (2022) Sinhala Subtitle
Kuruthi Aattam (2022) Sinhala Subtitles

Kuruthi Aattam (2022)

සුභ දවසක් වේවා හැමෝටම ඔන්න ඉතිං අදත් මම අරගෙන එන්නේ අලුතින්ම නිකුත් උන දමිළ චිත්‍රපටයක් හරි වැල්වටාරම් නැතුව අපි යමු කතාවට.

2022 අගෝස්තු මස 5 වෙනිදා ලොව පුරා සිනමාශාලාවල ප්‍රදර්ශනය ඇරඹෙන මෙම චිත්‍රපටයේ HD පිටපත් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ මීට පැය කීපයකට කලිනුයි . Drama/Thriller යන ශාරණයට අයත් මෙම චිත්‍රපටයේ නම Kuruthi Attam. ඉතිං පැය 2 කුත් විනාඩි 27 ක් පුරාවට ලස්සනට ගලාගෙන යන මේ ෆිල්ම් එක මේ වෙනකොට IMDB මීටරය තුල නම් ටිකක් අඩු අගයක් තමා අරගෙන තියෙන්නෙ ඒ 2.8/10 ලෙසයි..ඒත් කියන්න ඕනා කවදාවත් රේටිං බලලා ෆිල්ම් බලන්න එපා ඔයාට හිතෙනවා නම් ෆිල්ම් එක බලන්න අනුංගෙ රිවීව්ස් සහ රේටිං අදාල කරගන්න එපා…ඒ වගේම ගූගල් පරිශීලක මනාප තුල 91% ක අගයකුත් Times of India හි 3/5 ක අගයකුත් හිමි කරගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා …..

මෙම චිත්‍රපටයේ ප්‍රධාන නලුවා ලෙස රංඟනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් හොඳින් දන්න නලුවෙක් වෙන Atharvaa විසිනි. ඒ වගේම මෙහි ප්‍රධාන නිලිය ලෙස Priya Bhavani Shankar රංඟනයෙන් දායක වන අතර Raadhika Sarathkumar , Radha Ravi ඇතුලු තවත් දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයන් දායක වෙනවා…

Sri Ganesh මහතා විසින් අධ්‍යක්ෂනය කර ඇති මෙම චිත්‍රපටයේ නිෂ්පාදනය Rock Fort Entertainment ආයතනය විසින් සිදු කර ඇත.

කතාව ගැන ටිකක් කියනවා නම්…..

වසර කීපයක් හිරේ ඉඳලා නිදහස් වෙලා එන කරුණාකරන්ගේ දුවගෙන් තමා මේ චිත්‍රපටයේ ගොඩක් දේවල් දුවන්නේ…ඉතිං හොයාගන්න බැරි ලෙඩකින් පෙලෙන මේ දුවව රජයේ රෝහකකට ඇතුලත් කරනවා ඔන්න ඔය අතරෙ තමා අපේ කතාවෙ වීරයා ශක්ති මේකට ඇතුල් වෙන්නේ ඒ කොහොමද කියනවා නම් ශක්ති කියන්නේ ඒ රෝහලේ ඇටෙන්ඩන් කෙනෙක්…ඉතිං මේ කතාවේ විලන්ට ඉන්නේ අපේ රාධිකා සරත්කුමාර් තමා ඒ ඝාන්ධ්මදී කියන නමින් , හැබැයි මේකෙ විලන්ම කියන්නත් බෑ…මේ ඝාන්ධ්මදීට එක පුතෙක් ඉන්නවා ඉතිං මේ පුතාට ඉන්නවා යාලුවෙක් අරිවු කියල ටිකක් කුකුල්කේන්ති කාරයෙක් ඉතිං මේ අයටයි ශක්තිටයි තියෙන්නෙ එච්චර හොඳ බැඳීමක් නෙමෙයි කබඩි මැච් එකකදි ඇති වෙන පොඩි ප්‍රශ්නයක් නිසා තමා කතාබ උඩ යට පෙරලෙන්නෙ…

මෙතනින් එහාට මම මොකුත් කියන්නේ නෑ ඉතිං අදට මම සමුගන්නම්….
– අශේන් මදුරංග ( චූටියා )

සිංහල උපසිරැසි පරිවර්තනය හා සැකසුම cineruවෙබ් අඩවියේ අශේන් මදුරංග ( චූටියා ) විසිනි

Comments

August 27, 2022

ඇයි download 1080p ම දෙන්නේ.කළින් වගේ 480p 720p 1080p වෙන වෙනම දාන්නකෝ .