EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Ladki (2022) | සිංහල උපසිරැසි සමඟ
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Ram Gopal Varma විසින්. 90 – 2010 අතර කාලේ රාම්ගොල්පාල් වර්මා කියන්නේ හින්දි සිනමාවේ හිටිය හොදම අධ්‍යක්ෂකවරයෙක්.Nishabd,Sarkar,Jungle,Satya,Rangeela
වගේ දැවැන්ත නිර්මාණ ඔහු අතින් නිර්මාණය උනා. නමුත් මැත කාලය වන විට ඔහු නිපදවන චිත්‍රපටි හා වෙබ් සිරිස් වැඩිහිටියන්ට පමණක් ලේබල් වදින්න පමණක් ඔහු උවමනාවෙන්ම නිකුත් කරනවා. දැන් අද මේ අරන් ආපු චිත්‍රපටිය උනත් මාෂල් ආර්ට්ස් හා ඒ සම්බන්ධ චිත්‍රපටියක් උනත් වැඩියෙන්ම වැඩිහිටියන්ට පමණක් වෙන්න කතාව නිර්මාණය කරලා තියනවා. මේකේ රඟපාන්නේ නවක නිලියක් වෙන Pooja Bhalekar විසින්. ඇය සැබැවටම මාෂල් ආර්ට් සටන් හා ටයිකොන්ඩෝ වෘත්තිකයෙක් උනත් මේ චිත්‍රපටියේ සැබැවටම ඇයගෙන් වැඩක් ගත්තාද කියලා නම් ගැටළුවක් තියනවා.
චිත්‍රපටියේ කතාව ගැන කිව්වොතින් පුජා කියන්නේ ටයිකොන්ඩෝ සටන් ඉගෙන ගන්න තරුණියක්. මේ අය පුහුණු වෙන ක්ලාස් එක එක තියන තැනට ඒ පලාතේ මැරයෙක් විසින් බිල්ඩිමක් ඉදිකරන්න තොරගන්නවා. ඔහු විසින් මොවුන්ට මෙතැනින් ක්ලාස් එක ඉවත් කරගන්න කිව්වොත් මොවුන්ගේ ගුරුවරයා ඒකට කැමැති වෙන්නේ නැහැ. ඉතින් මේ මැරයා විසින් මේ අයට මොන වගේ දෙයක් කරාවිද? ඒකට පුජා පැටලෙන්නේ කොහොමද? ඒක දැනගන්න නම් චිත්‍රපටිය අරන් බලන්න වෙනවා.




