CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Last Days (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Aaron Gordon, Adi Dardik, Alexander Vegh, Chanon Amorntatpong, Clare Glass, Justin Lin, Leonardo Aquilini, Lorenzo Grasso, Michael Middleton, Simon Downes, Vinny Castellini
Country:United States of America
Year:2025
Subtitle By: ගීතක විරාජිත් (Cinerulk )
Country: United States
Cast
Go Full Cast PageLast Days (2025) | “ විශ්වාසය වෙනුවෙන් දිවි පරදුවට තැබූ ඛේදජනක ගමන! ”
ඔන්න මේ පාර අරගෙන ආවේ ටිකක් වෙනස්, ඒ වගේම හිතට ගැඹුරින්ම දැනෙන සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වුනු චිත්‍රපටයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන්නේ ‘ජෝන් චව්’. තරුණ ඇමරිකානුවෙක් වන ජෝන්ගේ හිතේ තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි. ඒ තමයි ලෝකයෙන්ම කොන් වෙලා ඉන්න, පිටස්තරයන්ට දරුණු විදිහට පහර දෙන ‘උතුරු සෙන්ටිනල්’ ගෝත්‍රිකයන්ව හොයාගෙන ගිහින් ඔවුන්ට දෙවියන් වහන්සේ ගැන කියන එක.
වෛද්‍යවරයෙක් වෙන්න තිබුණු අවස්ථාව පැත්තකට දාලා, තාත්තාගේ විරුද්ධත්වය මැද්දේ ජෝන් මේ භයානක ගමනට ලෑස්ති වෙනවා. මේ අතරේ මේ දූපතට යන එක නීතිවිරෝධී නිසා, පෝර්ට් බ්ලෙයාර් පොලිසියේ නිලධාරිනියක් වන ‘ගනාලි’ මේ මෝඩ තීරණයෙන් එයාව බේරගන්න සහ නීතිය ක්‍රියාත්මක කරන්න ලොකු උත්සාහයක් ගන්නවා.
ජෝන් මේ කරන්නේ වීරකමක්ද, නැත්තම් තමන්ගේ ජීවිතේ නිකරුණේ නැති කරගන්න මෝඩ වැඩක්ද? තමන්ගේ විශ්වාසය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වුනු තරුණයෙක්ගේ මේ සංවේදී කතාව, අන්තිම තත්පරය වෙනකල් කුතුහලයෙන් බලන්න පුළුවන් ෆිල්ම් එකක්.
තාත්තා කෙනෙක්ගේ බිඳුණු බලාපොරොත්තු සහ තරුණයෙක්ගේ අන්තගාමී විශ්වාසය අතර දෝලනය වෙන මේ අපූරු සිනමා නිර්මාණය මග නොහැර බලන්න කියලා ආරාධනා කරනවා.




