EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කූඩැල්ලො

2025 වසරේ නිකුත් කරන ලද Leech (ලීච්) කියන්නේ ඉන්දියාවේ මලයාලම් භාෂාවෙන් නිර්මාණය වූ Psychological Horror / Thriller කියන genre එකට අයත් වෙන චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Aazif විසින්. Noor Mehal Creations යටතේ මෙය නිෂ්පාදනය කර තිබෙනවා.

මලයාලම් සිනමාවේ ජනප්‍රිය නළු Balu Varghese මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර, Vishnupriya PillaiRao Ramesh සහ Meenakshi Anoop වැනි දක්ෂ නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

මේ චිත්‍රපටය සාමාන්‍ය ත්‍රාසජනක කතාවකින් ඔබ්බට ගිය, නරඹන්නාගේ මනසත් එක්ක සෙල්ලම් කරන අපූරු නිර්මාණයක්. යම් අද්භූත සහ බිහිසුණු සිදුවීම් දාමයක් මැද සිරවී, ජීවිතය බේරා ගැනීමට කරන අරගලයක් (Survival Thriller) වටා මෙහි කතාව ගෙතී තිබෙනවා. කුතුහලය, බිය සහ අනපේක්ෂිත හැරීම් (Plot Twists) වලින් පිරුණු මේ චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වාම හුස්ම හිරකරගෙන බලන්න පුළුවන් මට්ටමේ එකක්.

වෙනස්ම විදිහේ Horror සහ Thriller අත්දැකීම් හොයන අයට වගේම, මලයාලම් සිනමාවේ තාත්වික රංගනයට කැමති අයටත් මේ චිත්‍රපටය හොඳ තෝරාගැනීමක් වේවි. විශේෂයෙන්ම Balu Varghese ගේ වෙනස්ම රංගන පරාසයක් මෙහිදී දැකගන්න පුළුවන්.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

Comments