EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Lego Marvel Avengers: Code Red (2023) | රෙඩ් ගාඩියන් සොයා මෙහෙයුමක්!

LEGO කියන ප්‍රසිද්ධ සෙල්ලම් බඩු සමාගම ගැන අහලා නැති කෙනෙක් එන්න බෑ. ඉතින් එයාලා Marvel සමාගම සමඟ එකමුතුවෙන් නිකුත් කරලා තියෙන අලුත්ම ෆිල්ම් එකට තමයි මේ සිංහල උපසිරසි අරගෙන ආවේ. මේක නමින් Lego Marvel Avengers: Code Red.

මේක IMDb දර්ශකයේ ලකුණු 5.4ක් ලබා ගන්නත්, Rotten Tomatoes දර්ශකයේ 79%ක අගයක් ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. Trver Devall (රෙඩ් ගාඩියන්), James C. Mathis III (බ්ලැක් පැන්තර්), Steve Blum (වුල්වරින්), Laura Bailey (බ්ලැක් විඩෝ) ආදී ශිල්පීන් හඬ කැවීමෙන් දායක වෙනවා. ඉතින් අපි දන්න අඳුනන මාවල් චරිත බොහොමයක් මේකෙන් බලාගන්න පුළුවන්.

කතාව ගැන පොඩි හැඳින්වීමක් දෙනවා නම් මේක ප්‍රධාන වශයෙන්ම Black Widow සහ Red Guardian වටා ගෙතුණු කතාවක්. Black Widow (2019) ෆිල්ම් එක බැලුවා නම් දන්නවා ඇති නේ මේ දෙන්නා තාත්තයි දූයි බව. ඉතින් Red Guardian සහ Black Widow අතරේ බහින්බස් වීමක් ඇති වෙනවා රෙඩ් ගාඩියන් එයාට තාම පොඩි ගෑනු ළමයෙකුට වගේ සැලකීම ගැන. මේ අතරේ මාවල් විශ්වයේ “රෙඩ්” කියලා කෑල්ලක් නමේ තියෙන කට්ටිය අතුරුදහන් වෙන්න ගන්නවා. ‘රෙඩ් ගාඩියනුත්’ මේ අතරින් කෙනෙක්. එයාට සිද්ධවුණේ මොකක්ද? කවුද මෙයාලව පැහැරගන්නේ? මොන අරමුණකින්ද? ඇයි ‘රෙඩ්’ කියලා තියෙන අයව විතරක් පැහැරගන්නේ?

ඔය ප්‍රශ්නවලට උත්තර ෆිල්ම් එක බලලම හොයාගන්නකෝ.

Comments