EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Level Cross (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Arfaz Ayub, Ramkumar Periyasamy, Trupti Mehta
Cast
Go Full Cast PageLevel Cross (2024) | බිඳ වැටුනු හුදකලාව
නව අධ්‍යක්ෂක වරයෙක් මලයාලි සිනමාවෙ නව රැල්ලෙ සිනමා පටයක් හැටියට ඉදිරි පත්කරනමේ සිනමා පටය psychological thriller ශානරයට වැටෙන එකක්. අර්ෆාස් අයුබ් කියන අධ්‍යක්ෂක වරයා මලයාලි සිනමාවෙ ප්‍රසිද්ධ අධ්‍යක්ශක ජීතු ජෝශප්හෙ සුවිශේෂී චිත්‍රපට රැසක සහාය අධ්‍යක්ෂක වරයෙක්ව ඉඳල තමන්ගෙ කුළුඳුල් අධ්‍යක්ෂණය මෙසේ ගෙන එනවා. කලාත්මක නිර්මාණයක් හැටියට විචාරක පැසසුම් මැද බිහි වෙන මේ චිත්‍රපටය රූ ගත කෙරෙන්නේ ටියුනීසියානු කාන්තාරයක.
මේ චිත්‍රපටයෙ ප්‍රධාන වශයෙන් පෙනී සිටින්නෙ නළු නිළියන් තිදෙනෙක් පමණයි. අසිෆ් අලි. අමලා පෝල් සහ ශරාෆුඩීන් එම චරිත රඟපානවා. අසිෆ්ගේ රඟපෑම නම් ඉතා ඉහළ මට්ටමක තිබෙනව කියල කියන්න පුළුවන්.
ඉතා හුදෙකලා කතරක් හරහා දිවෙන රේල් පාරක්. එහි හරස් මගක ගේට්ටු මුරකරුවෙක්. දන්නා කාලෙක වාහන ගමනා ගමනයක් නැති පාරක් උනත් මේ හුදෙකලා චරිතය දිනපතා ඔහුගෙ රාජකාරිය ඉටු කරනවා. දිනක් ඔහුගෙ ජීවිතයට කඩා වදින්නෙ සුරූපි තරුණියක්. දුම්රියෙන් වැටෙන ඒ තරුණිය ගේට්ටු මුරකරුවාගේ ජීවිතය කෙසේ වෙනස් කරයිද?
මුරකරුට, තරුණියටට මෙන්ම ඇගේ සැමියාට කියන්න ලොකු කතා තියෙනවා. ඒවා කොතෙක් දුරට සත්‍යද? වැඩිය කියන්නෙ නෑ. මේ පිළිබඳ හොඳ විචාර සමාජ මාධ්‍යයේ දකින්න ලබෙයි. අගනා කැමරා කරණය, පසුබිම් සංගීතය ගැන නොකියාම බෑ.




