EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Lone Survivor (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Eric Heffron, Jan Rudolph, Kevin Scott, Peter Berg, Richard Oswald
Year:2013
Country: United States
Cast
Go Full Cast PageLone Survivor (2013) | අවසාන නොවන ගැටුම
IMDb මීටරේට අනුව මේ වෙනකොට 7.5 ක් ලැබිලා තියෙනවා. Shooter, The Fighter, Pain & Gain වගේ ෆිල්ම් වල රඟපෑ Mark Wahlberg තමයි ප්‍රධාන නළුවා.ඒ වගේම Battleship, John Carter වැනි ෆිල්ම් වල හිටිය Taylor Kitsch සහ ඔයාලා දන්න Ben Foster ත් ඉන්නවා. Battleship හි අධ්‍යක්‍ෂක Peter Berg තමයි මේකත් කරලා තියෙන්නේ.
මේක ඇමෙරිකානු සීල් හමුදා භටයන් පිළිබඳව සිදුවූ සත්‍ය කතාවක් පදනම් කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ෆිල්ම් එක අවසාන උණහම පෙන්වන පින්තූර පෙළත් මතක් කරලා බලන්න කියල මතක් කරනවා. අහ්මඩ් ෂාහ් කියන ජේෂ්ඨ තලෙයිබානු අණ දෙන නිලධාරියෙක් ඝාතනය කිරීම තමයි මෙයාලගේ මෙහෙයුම වෙන්නේ. මාකස්,මයිකි,ඩැනි සහ ඇලෙක්ස් තමයි මේ මෙහෙයුමට එක්වන සෙබළු හතර දෙනා. ඔවුන්ව ඇෆ්ගනිස්ථානයෙ කඳුකර ප්‍රදේශයකට ගුවනින් ගොඩ බස්සනවා. නමුත් මොවුන්ට තලෙයිබාන් සටන්කාමීන් එක්ක දරුණු ගැටුමකට මුහුණ දෙන්න වෙනවා. මිට වැඩිය මම කියන්න යන්නේ නැහැ. මේ සුපිරි Action ෆිල්ම් එක ඔයාලම බලන්න කියලා ආරාධනා කරනවා.











