EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Lubber Pandhu (2024) | “රබර් බෝලේ”

 

මේ වසර කොලිවුඩ් සිනමාවට හොද චිත්‍රපට විශාල ප්‍රමාණයක් ලැබුන වසරක් වෙනවා. ඒ හොද තත්වයේ චිත්‍රපට අතර එක් ස්ථානයල් ලබාගත් චිත්‍රපටයක් තමයි මේ ලප්පර් පන්දු (රබර් පන්දුව) . මෙම චිත්‍රපටය වැටෙන්නේ ක්‍රිඩා නාට්‍යමය ඝණයටයි.

ක්‍රිඩාවේ දකින්නට ලැබෙන එකමුතුව , කණ්ඩායම් හැගීම , ජය පරාජය බෙදා ගැනීම බෙදා ගැනීම නොගැනීම තුලින් ලැබෙන නොලැබෙන දේ අහිමිවන දේවල් ගැන කෙරෙන විග්‍රහයක් තමයි මේ චිත්‍රපටය.

මේක ක්‍රිඩාව සම්බන්ධයෙන් චිත්‍රපටයක් වුනත් මේ ක්‍රිඩාව හා පවුල් බැදීමත් ඈදගෙන තියෙනවා. ක්‍රිඩාව පවුල ප්‍රේමය මේ තුනේ එකතුව ලස්සනට සිනමාවට ගෙන ඇවිත් තියෙන විදිය හරිම ලස්සනයි.

රංගනය අධ්‍යක්ෂණය සංගීතය කැමරාකරණය හා සංස්කරණය මේ දේවල්වල හොද සම්මිශ්‍රණයක් මේ සිනමාව තුලින් දැක ගන්නට ලැබෙනවා.

ගෙත්තු (අට්ටගත්ති දිනේෂ්) “පළමු පන්දුව දෙවියන්ට, ඉතිරි ඒවා මට” යන ආකල්පයෙන් ලප්පර් ක්‍රිකට් තරඟවලදී දස්කම් දක්වන ගමේ ක්‍රීඩකයෙක්. නමුත් ඔහුගේ බිරිද (ස්වාසිකා විජයි) ඔහුගේ ක්‍රීඩා ජීවිතය ගැන එතරම් සතුටකින් නෙවෙයි ඉන්නේ. ගෙත්තුගේ ගමට ක්‍රීඩා කිරීමට පැමිණෙන ‘ජොලි ෆ්‍රෙන්ඩ්ස්’ කණ්ඩායම ගෙත්තුගේ දක්ෂතා නිසා පරාජයට පත්වෙයි. මෙම සම්ප්‍රදායික කණ්ඩායමේ පළමු වරට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබුනද, තම කුලය නිසා පන්දු යැවීමේ අවස්ථාව නොලැබෙන අන්බු කනගාටුවට පත්වෙයි.

කෙසේ වෙතත් කාලය ගතවීමත් සමඟ, තමන්ගේම කණ්ඩායමක් නොතිබුණද, අන්බු (හරීෂ් කල්යාන්) ‘යෝකර් කිං’ ලෙස ප්‍රසිද්ධියට පත්වෙයි. ගමේ ජර්සි කඩයක් පවත්වාගෙන යන අන්බු, ගෙත්තුගේ දියණිය (සංජනා කෘෂ්ණමූර්ති) සමග පෙමින් බැදෙයි . මේ අතර, ගෙත්තු සහ අන්බු අතර පවතින ක්‍රිකට් විරෝධය පුද්ගලික අහංකාර ගැටුමක් බවට පත්වෙයි. මෙම ගැටුම ඔවුන් දෙදෙනා කෙසේ මුහුණ දෙන්නේද, එමගින් අන්බුගේ ප්‍රේමයට කුමක් සිදුවන්නේද යන්න රසවත් ලෙස විග්‍රහ කරන්නේ මෙම ‘ලප්පර් පන්දු’ චිත්‍රපටයයි.

Comments