EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMaigret Sets a Trap (2016) | ඇටවූ උගුල
මේ 1955 වසරයි. පැරිස් නුවර මොන්මාට්‍රා නගරයේ අභිරහස් ලෙස කාන්තාවන් ඝාතනය වන්නට පටන් ගන්නවා. ඝාතන සමඟ මුළු නගරයම භීතියෙන් වෙලී යනවා. මෙහි සුල මුල හොයන්න භාරවෙනවා බොහොම ප්‍රසිද්ධ රහස් පරීක්ෂකයෙක් වන ජූල්ස් මිග්‍රේට් හට.ඔහු පැරිස් නුවර අපරාධ විමර්ෂන අංශයේ ප්‍රධාන පරීක්ෂකවරයාය. ඒත් මේ අපරාධකරුවා අල්ලන වැඩේ හිතන තරම් ලේසි පහසු වෙන්නේ නැහැ.මාස ගණනක් තිස්සේ කෙතරම් උත්සහ කලත් අඹමල් රේණුවක තරම් දෙයක් වත් හොයාගන්න ලැබෙන්නේ නැහැ පසුව ඉහළින් එන පීඩනය අතරේම මිග්‍රේට් විසින් කාටත් හොරාම උගුලක් අටවනවා, නමුත් මෙවරත් මිග්‍රේට් අසරණ කරමින් අපරාධකරුවා ඉන් පැනයනවා.නමුත් මෙවර කුඩා හෝඩුවාවක් ලැබෙනවා. ඒත් පරීක්ෂණ කටයුතු ඒ වෙනකොට වෙනත් පරීක්ෂකයෙක්ට භාර වෙනවා. ඉතිං…. පඳුරම තලන්න අදහසක් නැහැ ඔන්න.
ප්‍රකට ගත්කතුවරයෙක් වන ජෝජ් සිමෙනොන් විසින් රචිත නවකතා මාලාවක් ඔස්සේ නිර්මාණය වුනු මෙම චිත්‍රපටි කතාමාලාවේ පළමුවැන්න Maigret Sets a Trap. සුප්‍රකට ෂර්ලොක් හෝම්ස් කතාමාලාව සිහිගන්වමින් නිර්මාණය වුනු මේ අපූරු සලරුව IMDb හි 7.0 වැනි ඉහළ අගයකට හිමිකම් කියනවා. එමෙන්ම google පරිශීලිකයන්ගෙන් 98% ක කැමැත්තක් හිමි කරගෙන තිබෙනවා. සලරුවේ ප්‍රධාන පරීක්ෂක මිග්‍රේට්ගේ චරිතය නිරූපණය කරන්නේ සුප්‍රකට නළු Rowan Atkinson. වෙනත් විදියකින් කියනවා නම් අපි කවුරුත් දන්න Mr. been. ත්‍රාසය, කුතුහලය කැටිවූ අපරාධ පරීක්ෂණ ලොවකට පැයකුත් මිනිත්තු 27කට පිවිසීමට ආස කරනවා නම් මෙන්න ඒකට ඉඩ. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.

