EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Man of Tai Chi (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Keanu Reeves, Wong Fei-Fei, Yuen Woo-ping
Country:China, Hong Kong, United States of America
Year:2013
Subtitle By: සජිත් ධනංජය (Cinerulk )
Country: United States, China, Hong Kong
Cast
Go Full Cast PageMof Tai Chi (2013) | “ තයි චි සටන් වීරයා ”
Action ෆිල්ම් පිස්සන්ට සහ විශේෂයෙන්ම මාෂල් ආට්ස් වලට ආස අයට බලන්නම වටින සුපිරිම ෆිල්ම් එකක් ගැන තමයි මේ කියන්න යන්නේ. Man of Tai Chi කියන මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරලා තියෙන්නේ අපි කවුරුත් ආදරේ කරන ජෝන් වික් චරිතයට පණ පොවන Keanu Reeves විසින් වීම මෙහි ඇති ලොකුම විශේෂත්වයක්. හැබැයි අනිත් ෆිල්ම් වල වීරයා විදියට ඉන්න Keanu Reeves මේ ෆිල්ම් එකේ රඟපාන්නේ ඉතාම දරුණු දුෂ්ටයෙක්ගේ චරිතයක් වීම නිසා මේක තවත් රසවත් වෙනවා.
කතාව ගලාගෙන යන්නේ ටයිගර් චෙන් කියන අහිංසක තරුණයා එක්ක. එයා සාමාන්‍යයෙන් රස්සාව විදියට පාර්සල් ඩිලිවරි කරන කෙනෙක් වුනාට ඇත්තටම එයා තායි චී කියන සටන් කලාවේ අති දක්ෂයෙක්. දවසක් එයාගේ ගුරුවරයා ඉන්න පන්සල බේරගන්න එයාට හදිස්සියේම ලොකු සල්ලි ප්‍රමාණයක් හොයන්න සිද්ධ වෙනවා. මේ වෙලාවේ තමයි ඩොනාකා නමැති අද්භූත පුද්ගලයා එයාට කතා කරලා නීති විරෝධී සටන් තරඟාවලියකට සහභාගී වෙන්න කියලා යෝජනා කරන්නේ. මුලින් අකමැති වුනත් සල්ලි ප්‍රශ්නේ නිසා ටයිගර් මේකට කැමති වෙලා පාතාල ලෝකයට අඩිය තියනවා.
ටයිගර් හිතාගෙන හිටියට එයා මේ සටන් කරන්නේ සල්ලි වලට විතරයි කියලා ඩොනාකාට ඊට වඩා ලොකු අමුතු සැලැස්මක් තියෙනවා. ටයිගර් දිගින් දිගටම දිනනකොට එයාගේ හිතේ තිබුණ සාමකාමී ගතිගුණ ටිකෙන් ටික නැති වෙලා එයා දරුණු මිනී මරුවෙක් වගේ වෙන්න පටන් ගන්නවා. තමන්ගේ පන්සල බේරගන්න ගිහින් තමන්ගේ ජීවිතයම අනතුරේ දාගන්න ටයිගර්ට අන්තිමට මේ පාතාල ලෝකයෙන් සහ ඩොනාකාගේ උගුලෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියන එක දැනගන්න නම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
මේ ෆිල්ම් එකේ සටන් ජවනිකා නිර්මාණය කරලා තියෙන්නේ මැට්‍රික්ස් ෆිල්ම් එකේ සටන් නිර්මාණය කරපු ශිල්පියාම නිසා මෙහි එන ඇක්ෂන් ඉතාම තාත්විකයි වගේම හරිම ලස්සනයි. පරණ ජැකී චෑන් ෆිල්ම් වල වගේම සුපිරි කුං ෆු සටන් කලාවක් මේකේ බලාගන්න පුළුවන්. ඒ වගේම ද රේඩ්(the raid 2011) ෆිල්ම් එකේ ඉන්න සුපිරි ෆයිටර් කෙනෙක් වන Iko Uwais ත් මේකේ පොඩි සටන් ජවනිකාවකට එකතු වෙනවා. ඔයා හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් බලන්න හොය හොය හිටපු කෙනෙක් නම් මේක අනිවාර්යයෙන්ම මඟ නොහැර බලන්න ඕන ෆිල්ම් එකක්.








