EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Manamey (2024) | “අපේමයි”

 

2024 ජූනි 07 වෙනිදා තිරගත වුණු මනමේ කියන අළුත්ම තෙළුගු සිනමාපටයේ උපසිරැසි අරගෙන. මනමේ එහෙමත් නැත්නම් “අපේමයි” කියන තේමාවෙන් එන මේ චිත්‍රපටයට අවාසනාවන්ත ලෙස මුදල් අක්‍රමිකතාවයක් හේතුවෙන් නඩුවක් වැටෙනවා. ඒවගේම කලින් මේ ෆිල්ම් එකේ OTT විකාශන අයිතිය ගන්නේ Disney+Hotstar එකෙන්.. කොහොමින් කොහොමහරි මාස 08කට පස්සේ Amazon Prime වෙතින් පසුගිය මාර්තු 07 වෙනිදා OTT හරහා නිකුත් කෙරුනා

#SHARWA35 හෙවත් චාමිං ස්ටාර් ශ්‍රාවන්ද් රංගනයෙන් දායකවෙන ඔහුගේ 35 වෙනි සිනමාපටයේ වැඩ කටයුතු ආරම්භ කරන්නේ 2023 මාර්තු 06 වෙනිදා ඔහුගේ 39 වෙනි උපන්දිනයට.. (OTT ආවේ 41 වෙනි උපන්දිනේ දවසේ) ඒවගේම චිත්‍රපටයේ රූගතකිරීම් 2024 මුල් භාගය වෙද්දි අවසන් වෙනවා. මේ චිත්‍රපටය ඉන්දියන් එකක් උනාට චිත්‍රපටය රූගත කරන්න ලන්ඩන්, බැංකොක් වලට පවා ගිහින් තියෙනවා කියලා බලාගන්න පුළුවන්

ශ්‍රිරාම් ආදිත්‍යගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මේ චිත්‍රපටය පැය 2යි මිනිත්තු 33 කට ආසන්න ධාවන කාලයක් හිමි වෙනවා. මේ මනමේ ෆිල්ම් එකේ පිරිවැය ගැන සදහනක් නැතත් මෙහි බොක්ස් ඔෆිස් ආදායම ඉන්දියන් රු.කෝටි 22 ආසන්නයි කියලා සදහන් වෙනවා. රොමෑන්ස් – කොමඩි ශානරය යටතේ නිමවෙලා තියෙන මේ ෆිල්ම් එකේ සංගීත අධ්‍යක්ෂනයෙන් දායක වෙලා තියෙන්නේ හෙශාම් අබ්දුල් වහාම්.. නම එතරම් ප්‍රසිද්ධ නොවුනත් මෙයා තමයි ‘හෘදයම්’ , ‘හායි නාන්නා’ චිත්‍රපට වලත් සංගීත අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ.. මේ ෆිල්ම් එකටත් සංගීතය පැත්තෙන් ලොකු බරක් යොදපු ෆිල්ම් එකක්.. හරියටම බැලුවොත් මේ චිත්‍රපටයේ සිංදු 12 ක් තියෙනවා

හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,

Sharwanand – [වික්‍රම්]
Krithi Shetty – [සුභද්‍රා]
Vikram Adittya – [කුෂි]
Shiva Kandukuri – [කාර්තික්]
Thrigun – [අනුරාග්]
Seerat Kapoor – [ටාන්‍යා]

UK වල ජීවත් වෙන අනුරාග් සහ ශාන්ති හදිසියේම රිය අනතුරකට මුහුන දීලා ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් ඒ දෙන්නට හිටියා පුංචි දරුවෙක්. එයා තමයි ‘කුෂි’ ඒවගේම ශාන්ති හිතුවක්කාර කසාදයකට මුල පිරුව නිසා ශාන්තිගේ දෙමව්පියන් (කුෂීගේ ආච්චියි සීයයි) කුෂීව භාරගන්න අකමැත්ත පල කරනවා. ඉතින් භාරකරුවෙක් නැති මේ කුෂීව ළමා නිවාසෙකට යවන එක වළක්වා ගන්න එයාට භාරකරුවෝ දෙන්නෙක් ඉදිරිපත් වෙනවා. එක්කෙනෙක් තමයි සුභද්‍රා.. සුභද්‍රා කියන්නේ ශාන්තිගේ හොදම යාළුවා, ඒවගේම එයා ස්වකැමැත්තෙන් උනත් කුෂීව බලාගන්න ඉදිරිපත් වෙලා ඉන්න කෙනෙක්, අනිත් කෙනා වික්‍රම්.. වික්‍රම් කියන්නේ අනුරාග් ගේ හොදම යාළුවා. ඒ උනාට වික්‍රම්ට තිබුනේ වගකීම් විරහිත සෙල්ලක්කාර ජීවිතයක්. ඉතින් මේ දෙන්නගේ ජීවිත වලට කුෂී ආවම මේ දෙන්නගේ ජීවිත උඩු යටිකුරු වෙනවා

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

Comments

March 11, 2025

Film wateno parakkui wage nadda

March 12, 2025

Ian waiting for this film more than 6 month. However Thnx Cinesubz.co.