EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Mary and The Witch’s Flower (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Hiromasa Yonebayashi
Cast
Go Full Cast PageMary and the Witch’s Flower (2017) | මායා පුෂ්පය
ඉතින් මේක කාටුන් වලට කැමති යාළුවො වෙනුවෙන්.මං අරගෙන ආවේ මේ අවුරුද්දේ ජනවාරි 19 වෙනිදා තිරගත වීම ආරම්භ වුණු Mary and the Witch’s Flower කියන ලස්සන කාටුන් චිත්‍රපටිය. (මේ title එකේ 2017 කියල තියෙන්නේ ගිය අවුරුද්දේ ජපානයේ මේක පෙන්නපු නිසා) ඉතින් ජනවාරි තිරගත වුණත් මේකට හොඳ කොපියක් ඇවිත් තිබුණේ පහුවුණු අප්‍රේල් මාසෙ. ඒත් ඉතින් මට දැනගන්න ලැබුණේ මේ ළඟදී. දැනගන්න ලැබිල දවස් තුනක් ඇතුළත ඔන්න කොහොම හරි කරගත්තා.ඉතින් 1971 දී Mary Stewart විසින් ලියපු The Little Broomstick නවකතාව ඇසුරින් Hiromasa Yonebayashi ගේ අධ්‍යක්ෂණයෙන් කල මේ නිර්මාණයට මේ වෙද්දී IMDB 6.8 ක් වගේම RottenTomatoes වල 88% ක් හිමිවෙලා තියනවා. ඉතින් පොඩ්ඩක් මේකෙ කතාව කොහොමද කියලත් බලමු.
මේරි කියන්නේ පොඩි ගෑණු ළමයෙක්. වැඩකට අත ගැහුවොත් අනාගන්නවා. ඉතින් මෙයා ඥාති කෙනෙක් වෙන චාලට් ආච්චිගේ ගෙදරට නවතින්න එනවා. ඉතින් මේ ගමේදී මෙයාට යාලුවෙක් මුණගැහෙනවා. පූසෙක්. ඉතින් මේ පූසාගේ පස්සෙන් ගම අයිනේ තියන කැලේට ගිය වෙලාවක මෙයාට හම්බවෙනවා ලස්සන මල් වර්ගයක්. ඉතින් ආසාවට මෙයා එක මලක් ගෙදර ගේනවා. එතනින් පස්සේ මෙයාට අපූරු සිදුවීම් ගොඩකට මුහුණදෙන්න වෙනවාඉතින් මොකක්ද මේ අපූරු මලේ විශේෂත්වය, මේක ගෙනාවම එයාට මුහුණදෙන්න වෙන්නේ මොන වගේ සිදුවීම් වලටද? ඒක දැනගන්න මේ කතාව අරගෙන බලන්න











