EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Masterpiece (2015) | රට ජාතිය වෙනුවෙන් වීරයෙක් වෙමි

2015 දෙසැම්බර් මස 24 දින තිරගත වීම ඇරඹු මෙම සලරුව දකුනු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ නිර්මාණය වුවක් Action Thriller ඝණයට අයත් මෙම සලරුවේ බොක්ස් ඔෆිස් ආදායම ලෙස ඉන්දියානු රුපියල් 20,000,000 ක් ලෙස සටහන් වෙනවා මෙහි Imdb අගය 10/6.0 ක් ලෙස දැක්වෙනවා මෙහි ප්‍ර‍ධාන තරිතය නිරෑපනය කරන්නේ කර්ණාටක සුපිරි නළුවකු වන මීය පෙර අප අඩවියෙන් ඔබ වෙත ගෙන ආ Gajakesari 2014 සහ Mister And Miss Ramachari යන චිත්‍ර‍පට වල රඟපෑ යාශ් විසින්ය. මෙහි කතාව දෙස අවදානය යොමුකර බැලුවහොත් කුඩාකල සිට නිතරම රණ්ඩුවට බර යුවා නැමැති තරුණයෙක් සිටිනවා මොහු ක්‍ර‍මයෙන් වැඩිවියට පැමිණියත් මොහුගේ ක්‍රියාකලාපය නම් වෙනස් වෙන්නේ නෑ යුවා තම ප්‍රදේශයේ දේශපානඥයකුට ඔහුගේ ඡන්ද ව්‍යාපාරය කිරිමට සහය ලබා දෙනවා. ඉතින් යුවාට එයින් ඉවත් වෙන්න යැයි කියා තර්ජන ගර්ජන ආවේ නැතුවාම නොවේ ඉතින් යුවාව ඒ කිසි දේකින් කිටවත් නවත්තන්න බැරි වෙනවා. එක් දිනක් යුවාට නිශා නැමැති ගෑණු ළමයෙක් හම්බෙනවා යුවා සහ ඇය පෙමින් වෙලෙන අතර එක් දිනක් යුවා විසින් අවුරුදු ගනනාවක් පෝලිසියට අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටි  මහා මත්කුඩු ජාවාරම්කරුවකු වන බොස් නැමැති අපරාධකරුවා පොලිසියට අල්ලා දෙනවා. එදායින් පසු යුවාගේ ජිවිතය ටික ටික අමුතු වෙනවා වෙනස් වෙනස් දේවල් වලට යුවාට මූණ දෙන්න සිද්ද වෙනවා. ඉතින් යුවා ඇයි කොහොමද ඒ අපරාද කාරයාව ඇල්ලුවේ..? යුවාට මොකක් වෙයිද..? තමන් සිදුවන කරදර වලට යුවා මොන වගේ ක්‍රියාමාර්ග ගනිවීද..? කතාවේ ඉතිරිය දැනගැනීමට චිත්‍ර‍පටය නරඹලාම සිටින ලෙසට මා ඔබට ආරාධනා කරමින් මා අද ඔබෙන් සමුගන්නවා.

Comments