EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Maya the Bee Movie (2014) | මායා පුංචි වීර මී මැස්සී

මේ සලරුව අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Alexs Stadermann කථාවෙ වෙන්නෙ මෙහෙමයි. මේ කථාවෙ ඉන්නෙ මකුණො. ඒ කියන්නෙ මී මැස්සො, බඹරු, තණකොළ පෙත්තො, තව ගොඩාක් ඉන්නවා. මේ කථාවෙ ප්‍රධානව පෙන්නන්නෙ මී මැස්සො සහ බඹරු ගැන. මේ දෙගොල්ලො තරහයි. හැබැයි හේතුවක් නැතිව. පුංචි කාලෙ ඉඳලාම තම දෙමාපියන් මී මැස්සන්ට බඹරු ගැනත් බඹරුන්ට මී මැස්සො ගැනත් දෙන්නෙ වැරදි පණිවිඩයක්. ඉතින් හේතුවක් නැතිව මී මැස්සොයි බඹරුයි තරහකාරයෝ. හැබැයි මේ කථාවෙ ප්‍රධාන චරිතය ගන්න මායා එහෙම නැහැ. නොදැනුවත්කමින් මායා බඹරෙක් එක්ක යාළු වෙනවා. මේ බඹර යාළුවා ස්ටින් බසීවම්ප්. ඉතින් මේ දෙන්නට දෙන්නා දන්නෙ නෑ මායා මී මැස්සියක්, බසීවම්ප් බඹරෙක් කියලා. මේ අතරෙදි මී වදයේ ලොකු පෙරළියක් වෙනවා. ඒ තමයි මී මැසි රැජිණට ජීවත් වෙන්නනම් රාජකීය ජෙලි අවශ්‍යයි. ඒත් මේක හොරකම් කරනවා. තවත් කිව්වොත් කථාවෙන් වැඩක් නැති වෙනවා.

කවුද මේ රාජකීය ජෙලි හොරකම් කළේ? මේ මායාව මී වදෙන් නෙරපනවා, ඒත් ඒ ඇයි? මායාට යන්න වෙන්නෙ තණ පිට්ටනියට එහේ ගෝගො කියලා දරුණු සතෙක් ඉන්නවා, මේ ගෝගො කවුද? කොහොම උණත් මායට ගෝගොගෙන් කරදරයක් වෙයිද? ස්ටින්ගෙ දෙමාපියො කැමති වෙයිද මී මැස්සෙක් එක්ක තමන්ගෙ පුතා යාළු වෙනවට? මායා දැනගනියිද ස්ටින් බසීවම්ප් කියන්නෙ බඹරෙක් කියලා? මී මැස්සන්ටයි බඹරුන්ටයි යාළු වෙන්න හැකි වෙයිද? මේ කථාවෙදි මායාගෙ ලොකු වීර කමක් ගැන දැනගන්න පුළුවන්, මොකක්ද ඒ වීරකම? මේ හැම දෙයක් ගැනම හරියට දැනගන්න කථාව බලමු නේද?

Comments