EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Maya the Bee: The Honey Games (2018) | පුංචි වීර මී මැස්සී : සැබෑ මිතුරුකම යනු…

 

ඔන්න එහෙමනම් මේ සූදානම මායා නම් පුංචි වීර මී මැස්සිගේ දෙවන ආගමනය සනිටුහන් කරන්නයි. පළමු චිත්‍රපටය වුණු Maya the Bee Movie (2014) බලන්න කියලත් ආරධානා කරනවා. මේ චිත්‍රපට දෙක අතර ලොකු සම්බන්ධයක් නැති නිසා, පළමු චිත්‍රපටය නොබැලුවත් මේ චිත්‍රපටය රස විඳින්නනං බාධාවක් සිද්ධ වෙන එකක් නෑ. මම මෙහි පළමු චිත්‍රපටයට දැම්ම පුංචි වීර මී මැස්සි නම හිරු නාළිකාවේ හඬකැවීම එක්ක Maya the Bee Movie (2014) විකාශනය කළා වගේම මගේ පරිවර්තනය එක්ක තිබුණු යම් සමානකම් පවා දැක්කා. අවංකවම ඒ ගැනනම් පොඩි සතුටක් දැනුණා. බයිස්කෝප් වෙබ් අඩවිය තියෙන තැන මේ දේවල් වලින් පැහැදිලි වෙනවා නෙව. පළමු චිත්‍රපටය තුළදි අපි දකිනවා මේ මායාගේ වීර ක්‍රියා. මායාට නොයෙකුත් බාධා සහ කෙනෙහිලිකම් හමුවේ පවා, රාජකීය ජෙලි හොරකම් කරලා පොපී තණපිට්ටනිය පාලනය කරන ඉතාමත් කරුණාවන්ත රැජිණියව මරන්න කරපු කුමන්ත්‍රණයෙන්, මායා රැජිණියව බේරාගන්නවා.

මේ චිත්‍රපටයට අධ්‍යක්‍ෂණයෙන් හවුල් වෙන්නේ Noel Cleary, Sergio Delfino සහ Alexs Stadermann තිදෙනා. රචනා කර තිබෙන්නේ Noel Cleary, Fin Edquist, Kevin Peaty සහ Alexs Stadermann විසින්. ප්‍රධාන හඬකැවීම් ශිල්පීන් ගැන කතා කළොත්, මායා ලෙස Coco Jack Gillies, විලී ලෙස Benson Jack Anthony, රැජිණිය ලෙස Justine Clarke සහ අධිරාජිණිය ලෙස Marney McQueen තම හඬ දායකත්වය දක්වනවා.

මේ වෙද්දී මායා මී වදේම ඉන්න අයගේ ආදරය, ගෞරවය සහ හොඳ නමක් දිනාගෙන තියෙනවා, මී පැණි ක්‍රීඩා උත්සවය සඳහා මායාගේ තිබෙන ඉතාමත් ලොකු කැමැත්තක් තියෙනවා. හැබැයි මායා ජීවත් වෙන පොපී තණපිට්ටනියටනං කවදාවත්ම මී පැණි ක්‍රීඩා උත්සවය සඳහා ආරාධනා ලැබෙන්නේ නෑ. ඒකට හේතුව හිත හිත ඉන්න මායාගේ තියෙන උද්‍යෝගය වැඩිකම සහ නොඉවසිල්ල නිසා බොහොම අභියෝගාත්මක තීරණයකට මුහුණ දෙන්න වෙනවා. ඒ තමයි හිතුවක්කාර සහ අහංකාර අධිරාජිණියක් විසින් පාලනය කරන බස්ට්‍රොපිලිස් වලට ගිහින් මී පැණි ක්‍රීඩා උත්සවයට සහභාගී වෙලා මකුණන්ගේත් දක්‍ෂතම මකුණන් සමග තරඟ කරලා එක්කෝ එයින් ජයග්‍රහණය කරලා සතුටින් ඉන්න නැත්නං එයට සහභාගී නොවී හෝ එයින් පරාජය වෙලා මායාලගේ රාජධානියේ සියලුම මී පැණි අහිමි කරගන්න. අපි බලමු මායා මේ අභියෝගයට කොහොම මුහුණ දෙයිද කියල…

Comments