EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMayavanam (2024) | “සමූහ මායා”
අදත් අරගෙන එන්නෙ මලයාලම් ෆිල්ම් එකක් , මේක ott මාධ්‍යයෙන් නිකුත් වෙලානම් මාස දෙක තුනක් වෙනවා , නමුත් කේරලේ සුන්දර පරිසරය හොදින් බලාගන්න පුලුවන් ෆිල්ම් එකක් නිසා උපසිරැසිය කරන්න හිතුනා , මේකෙ IMDb අගයනම් 1.7/10 ක් තමයි ලැබිලා තියෙන්නෙ , නමුත් හොද කුතුහලයකින් යුතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් , ඒ වගේම මේකට මලයාලම් සිනමාවෙ සුපිරි නලුවන් වන ALENCIER , JAFFER IDUKKI , ඇතුලුව තවත් තරුණ නලු නිලියන් පිරිසක් රංගනයෙන් දායක වෙනවා ,
කතාව ගැන කෙටියෙන් කියනවනම් වෛද්‍ය විද්‍යාලයක ශිෂ්‍ය සමිතියෙ සිසුන් පිරිසක් විද්‍යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් අතරදි එතන ඉදපු සිගරට් බොන මිනිස්සු කීපයක් එක්ක රණ්ඩුවක් ඇතිකරගන්නවා , මේ රණ්ඩුව පොලිසියෙන් බේරුවත් ඒ බේබදු පිරිස නැවතත් මේ ලමයින්ට පහර දෙන්න හොයනවා , මේ ඇතිවෙන රණ්ඩුව හින්දා ලමයි 4 දෙනෙකුට දවස් 5 කට පන්ති තහනම් වෙනව , හැබැයි මේක ලමයින්ගෙ වැරැද්දක් නෙවෙයි , ලමයින්ගෙ ආරක්ෂාව ගැන හිතලයි මේක කරන්නෙ , ඉතින් කොලේජ් එකෙන්ම මෙයාලට නිවාඩු නිකේතනයක් වෙන් කරලා දෙනවා , මහා කැලෑවකින් වටවුනු ලස්සන නිවාඩු නිකේතනයක් , මෙතනදි එයාලට අලුත් මත්ද්‍රව්‍යක් ගැන දැනගන්න ලැබෙනවා , එයාලා ඒකත් අරගෙන ලස්සන ගං ඉවුරකට ගිහින් බොන්න පටන්ගන්නවා , කතාවෙ රසයට බාධා වෙන හින්දා මෙතනින් නවතින්නම් , එතනට එහාට වෙන දේවල් ඔයාලම බලන්නකො
Share
Links
Comments
February 21, 2025


