EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMehfil (2025) | “ සොඳුරු සන්ධ්‍යාව ”
මේකෙ නම ඇවිල්ලා Mehfil , ඒක ඇවිල්ලා අරාබි වචනයක් , ගීත උත්සවය වගේ අර්ථයක් තියෙන්නෙ , ඒ කියන්නෙ සතුටු සාමිච්චියෙ යෙදන ගමන් සිංදු කියන එක , මේකෙ අපි මලයාලම් සිනමාවෙ දකින හුගාක් නලු නිලියො ඉන්නවා ඒ අතරෙ උන්නි මුකුන්දන් , රෙන්ජි පනිකර් , මුකේශ් , සිද්ධර්ත් මෙනොන් , කයිලාශ් , මනෝජ් k. ජයන් , ආශා ශරත් , වගේ අයත් ඉන්නවා , ඒවගේම රේටින්ග්ස් එහෙමත් ඉතා හොද මට්ටමකින් ලබාගෙන තියෙනවා , කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
වැඩි කතා නැතුව කතාව පැත්තට ගියොත් කලින් කිව්වා වගේම මේකෙ සිංදු කියන ගමන් සතුටු සාමිච්චියෙ යෙදෙන සීන් එකක් තියෙන්නෙ , මාලප්පුරම් කිට්ටුව ජීවත් වෙන බාලු සහ දේවි කියන යුවල ගායනයට දක්ශ අය , මෙයාලට ගායනා ගැන දන්න යාලුවො සෙට් එකකුත් ඉන්නවා , ගෙදර මෙයාලගෙ දුව වගේම මෙහෙකාර මෙහෙකාරියො එහෙමත් ඉන්නවා , ඉතින් කතාව යන දවසත් ඇවිල්ලා මෙහ්ෆිල් උත්සවයක් තියෙන දවසක් , මෙදත් දන්න දන්න හුගාක් දෙනා ඇවිල්ලා කතාබහ කරන ගමන් සින්දු කියනවා, මේ අතරෙ අතුරු කතා එහෙමත් තියෙනවා , දුක සතුට ආදරය විරහව මේ වගේ හැමදේම දකින්න ලැබෙන ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් , ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධානා කරනවා..


