CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMehfil (2025) | “ සොඳුරු සන්ධ්‍යාව ”
මේකෙ නම ඇවිල්ලා Mehfil , ඒක ඇවිල්ලා අරාබි වචනයක් , ගීත උත්සවය වගේ අර්ථයක් තියෙන්නෙ , ඒ කියන්නෙ සතුටු සාමිච්චියෙ යෙදන ගමන් සිංදු කියන එක , මේකෙ අපි මලයාලම් සිනමාවෙ දකින හුගාක් නලු නිලියො ඉන්නවා ඒ අතරෙ උන්නි මුකුන්දන් , රෙන්ජි පනිකර් , මුකේශ් , සිද්ධර්ත් මෙනොන් , කයිලාශ් , මනෝජ් k. ජයන් , ආශා ශරත් , වගේ අයත් ඉන්නවා , ඒවගේම රේටින්ග්ස් එහෙමත් ඉතා හොද මට්ටමකින් ලබාගෙන තියෙනවා , කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන්
වැඩි කතා නැතුව කතාව පැත්තට ගියොත් කලින් කිව්වා වගේම මේකෙ සිංදු කියන ගමන් සතුටු සාමිච්චියෙ යෙදෙන සීන් එකක් තියෙන්නෙ , මාලප්පුරම් කිට්ටුව ජීවත් වෙන බාලු සහ දේවි කියන යුවල ගායනයට දක්ශ අය , මෙයාලට ගායනා ගැන දන්න යාලුවො සෙට් එකකුත් ඉන්නවා , ගෙදර මෙයාලගෙ දුව වගේම මෙහෙකාර මෙහෙකාරියො එහෙමත් ඉන්නවා , ඉතින් කතාව යන දවසත් ඇවිල්ලා මෙහ්ෆිල් උත්සවයක් තියෙන දවසක් , මෙදත් දන්න දන්න හුගාක් දෙනා ඇවිල්ලා කතාබහ කරන ගමන් සින්දු කියනවා, මේ අතරෙ අතුරු කතා එහෙමත් තියෙනවා , දුක සතුට ආදරය විරහව මේ වගේ හැමදේම දකින්න ලැබෙන ලස්සන ෆිල්ම් එකක් කියලා කියන්න පුලුවන් , ඉතින් හැමෝටම බලන්න කියලා ආරාධානා කරනවා..


