EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Miruthan (2016) | සත්වයෙකුගේ ඇග තුල සිටිනා මිනිසා..

චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ අපි කවුරුත් දන්නා Jeyam Ravi.. ඒ වගේම ප්‍රධාන නිළිය Lakshmi Menon.. ::..එහෙනම් මන් කතාවෙ මොකද්ද වෙන්න යන්නෙ කියල කියන්නම්..::

පොලීසියේ ඉහල රැකියාවක් කිරීමට සුදුසුකම් තිබුනත් කාර්තික් ඒ කිසිදු අවධානම් රැකියාවක් තෝරාගත්තේ නෑ.. ඒ ඔහුගේ කුඩා සොහොයුරිය නිසයි.. ඉතින් සොහොයුරියත් බලාගෙන තමන්ගේ රැකියාවත් කරගන්න ලේසි වෙන විදියට ඕටි කියන නගරයේ රථවාහන අංශයේ SI කෙනෙකු වශයෙන් තමයි කාර්තික් ඔහුගේ ජීවිතය ගෙන ගියේ.. ඉතින් ඔය අතරේ කාර්තික් වෛද්‍යවරියක් වන රේණූට ආදරේ කරන්න පටන් ගන්නව, නමුත් ඇයට ඒ බව තේරෙන්නෙ නෑ.. ඉතින් ඔය ඔක්කොමත් අතරේ නගරයේ කිට්ටුවක තියෙන රසායනාගාරයක අන්තරායකාරී රසායනික ද්‍රවයක් එහි වැඩ කරන සේවක පිරිසකගෙන් කාන්දුවට ලක්වෙනවා.. ඒ කාන්දු වුණු රසායනික ද්‍රවය ඒ අවට සැරි සරණ බල්ලෙක් බොනව.. ඒක දකින එහි සිටින මුර කරු බල්ලාව එලවා දමනව.. ඔහු වැඩ ඇරී නිවසට යන විට කලින් දුටු බල්ලා වෙනස් විදියකට හරී ඉන්නවා.. ඉතින් මුරකාරයා බල්ලාගෙ ප්‍රහාරයකට ගොදුරු වෙනවා.. ඒ ප්‍රහාරයෙන් මුරකාරය පිල්ලියක් බවට වෙනස් වෙනවා.. මුරකාරයාගෙන් ගෙදර අය වගේම මුළු නගරයටම මේ වෛරසය පැතිරී යනවා.. ඉතින් කාර්තික්ට එයාගෙ සොහොයුරියවයි නගරයයි බේරා ගන්න පුලුවන් වෙයිද?

Comments