CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMithra Mandali (2025) | “ මිතු දමක අරුමය ”
2025 වසරේ අපි අතට පත්වුණු මේ ෆිල්ම් එක “මිත්‍රත්වය” කියන දේ ගැන හරිම අපූරු විදිහට කතා කරන නිර්මාණයක්. යාළුවො ගැන ෆිල්ම් බලන්න කැමති අයට මේක මිස් කරගන්න බැරි කතාවක්.
මේ Mithra Mandali කියන නමේ තේරුම “මිතුරු හවුල” නැත්නම් “යාළුවන්ගේ එකමුතුව” වගේ අදහසක්. කතාව යන්නෙ එකිනෙකාට වෙනස් ගතිගුණ තියෙන යාළුවො කණ්ඩායමක් වටා. මෙයාලගේ තියෙන පිස්සු වැඩ, විහිළු තහළු වගේම ජීවිතේ මෙයාලට මුහුණ දෙන්න වෙන බරපතල සිදුවීමක් එක්ක තමයි කතාව ඉස්සරහට යන්නෙ. නිකන්ම ආතල් එකේ ඉන්න යාළුවො සෙට් එකක්, ලොකු ප්‍රශ්නයක් ආවම එකිනෙකා වෙනුවෙන් කොහොමද හිටගන්නෙ කියන එක මේ චිත්‍රපටියෙන් ලස්සනට පෙන්නනවා. යාළුවො එක්ක ට්‍රිප් යන, රස්තියාදු ගහන අයට මේක තමන්ගෙම කතාව වගේ දැනෙයි.
මෙතනින් එහාට කතාවේ කුතුහලය නැති කරන්න යන්නෙ නෑ, මේක කොමඩියක් වගේම අන්තිමට ඇස් වලට කඳුලක් එන සංවේදී කතාවක්. හොඳ IMDb අගයක් වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර මේකට ලැබිලා තියෙනවා. එහෙනම් වෙනස්ම ආරක දකුණු ඉන්දියානු ෆිල්ම් එකක් හොයන අයට මෙන්න අවස්ථාව.



