EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Monster Trucks (2016) | එලවමුද රාක්ෂ ට්‍රක් රථ ටිකක්…

2017 ජනවාරි 13 වෙනි දින තිරගතවීම ආරම්භ කරපු මේ ෆිලුම බ්ලුරේ පිටපත ආවේ මේ ඊයේ පෙරේදා වගේ. ඉතින් IMDB දර්ශකයේ 5.5 කැ දල අගයක් ගන්න සමත් වෙලා තියෙන මේ ෆිලුම Animation | Action | Adventure ගණයට වැටෙනවා.ඉතින් ලස්සන කතාවක් අනික මේක.හැමෝටම රස විදින්නත් පුළුවන්.. සුපිරි තමා. ඉතින් හසා අයියා තමා මේ ෆිලුම කරමු කියලා මට දුන්නේ.. එයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේක කරන්න දුන්නට. කතාව ගැන පොඩි සාරාංශයක් කරන්නම්කො එහෙනම්.

ඉතින් මෙයා නමින් ට්‍රිප්. අනිත් හැමෝටම හොද යානවාහන තියෙද්දී මෙය ඉස්කෝලේ එන්නේ තාම පාසල් බස් රථයේ.මෙයාට ලොකු ආසවස්ක් තියෙනවා රෝද හතරක යන්න. ඒත් කොයින්ද වාසනාවක්. ඉතින් ඔය අතරතුර ටෙරාවෙක්ස් කියන සමාගමක් පොලව යට තෙල් ගවේෂණය කරනවා. ඒ අතරතුරදී ඇමතු සත්වයෙක් මේ දේ නිසා එලියට එනවා. එයින් දෙන්නෙක් අල්ලගන්නව්. ඒත් එයාලට එක්කෙනෙක් මගහැරෙනවා. එයා කොහොමහරි කැඩිච්ච වාහනයක් ඇතුලට රිංගගෙන මේ ට්‍ර්ප් වැඩ කරන ගැරිජ් එකට එනවා. එතැනදී තමයි ට්‍රිප්ට මේ සතාව හම්බෙන්නේ. පලවෙනි පාරනම් ට්‍රිප් හොදටම බයවෙනවා මේ සතා නිසා. ඒත් එයා දැනගන්නවා මෙය අහිංසක සතෙක් කියලා. ඒවගේම බුද්දිමත් කියලා. මේ යම් දෙයක් නිසා මෙයාට හම්බෙන ට්‍රක් එකට අර සතාව දානවා. ඒ කියන්නේ එයාගේ ආරක්ෂාවට එයාට එකේ ඇතුලේ ඉන්න දෙනවා. එයා මේ ට්‍රක් එක එලවනවා. ඒත් එයා නෙමේ මේ සතා තමා එලෙවන්නේ මේ ට්‍රක් එක. ඉතින් මේ දෙන්න ගොඩක් ඉනොද වෙනවා .ට්ට්‍ර්ප්ට තව මෙරිඩිත් කියලා ගෑනු ළමයෙකුත් සෙට් වෙනවා. ඒත් කරුමෙටම මේ සතා ගැන ටෙරාවෙක්ස් සමාගමට දැනගන්න ලැබෙනවා. මේ සතාව අල්ලගන්න මැරයෝ ටිකක් එවනවා. ඒත් අල්ලන්න නම් හම්බෙන්නේ නැහැ. කොහේ අල්ලන්නද ඉතින් මෙයාගේ වැඩ ටිකට.

ඔච්චරයි කියන්නේ. පොඩ්ඩයි කිව්වේ ඉතින් ඒ ඇති කියලා හිතෙනවා. ඔයාලම රසවිදින්න මේ ෆිල්ම් එක ලස්සන සුපිරි ෆිල්ම් එකක් මේක

Comments

November 10, 2024

Tnku🌟