EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMy Spy The Eternal City (2024) | සිංහල උපසිරැසි සමඟ
විශ්‍රාමික CIA නියෝජිත ජේජේ, සොෆී එක්ක කරපු වීර වික්‍රමය My Spy (2020) චිත්‍රපටියේදී හැමෝම දකින්න ඇති. බලන්නත් ඇති. මේ වතාවේ මම උපසිරැසි අරගෙන ආවේ, ඒ චිත්‍රපටියේ දෙවෙනි කොටසක් විදියට එලි දැක්වුණු My Spy: The Eternal City (2024) චිත්‍රපටියට.
ජේජේ සුපුරුදු පරිදි වැඩිපුර හමුදා උපක්‍රම යොදාගෙන දරුවන්ව ආරක්ෂා කරන කෙනෙක්නේ. සොෆී දැන් ටිකක් ලොකු ළමයෙක්. එයා පාසලේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවක්. ඔවුන්ගේ දක්ෂතා නිසා, ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා ගීතිකා ගායනා කරන්න, ඉතාලියේදී. මේ ඉතාලි සවාරිය පිටිපස්සේ තියෙන රහසිගත සිදුවීම් ගැන කවුරුවත් අනුමාන කලේ නෑ. මේ අර්බුධ සහ ආරවුල් වලට මෙයාලා මුහුණ දෙන්නේ කොහොමද? න්‍යෂ්ඨික අවි සම්බන්ධ සිදුවීමකුත් මේ චිත්‍රපටියේ තියෙනවා.
මේක ළමා චිත්‍රපටියක් වුනාට, අපේ රටේ සංස්කෘතිය ගැන වැඩිපුර කියවන අයට නම්, මේක ළමා චිත්‍රපටියක් නොවේවි. කාන්තාවන්ගේ ඔසප් වීම් වගේ දේවල් සැඟවිය යුතුයි කියලා හිතන අයට මේක නොගැලපේවි. දැනගෙන බලන්න.
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කලේ Pete Segal විසින්. Erich Hoeber සහ Jon Hoeber දෙදෙනා නිර්මාණය කරපු චරිත තමයි මේ චිත්‍රපටි දෙකටම පාදක කරගෙන තියෙන්නේ. Amazon MGM Studios තමයි ලොව පුරා බෙදාහැරීමේ කටයුතු කරන්නේ. රඟපෑමෙන් දායක වෙනවා Dave Bautista (ජේජේ), Chloe Coleman (සොෆී), Kristen Schaal (බොබී), Ken Jeong (කිම්) ඇතුළු පිරිසක්.












