CS Player හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageMythica: The Iron Crown (2016) With Sinhala Subtitles | ඩාක්ස්පෝර් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් ෆිල්ම් එක ගැන පුංචි විස්තරයක් කරන්නම්. මේක රිලීස් වුනේ නම් 2016 මැයි 14 දිනයි. ඉතින් මේක මූළිකවම අයිති වෙන්නේ Action, Adventure, Fantasy කියන වර්ගවලටයි. මේ සිනමාපටය විනාඩි 93ක පමණ කාලයක් ධාවනය වෙනවා. මේක IMDB අගයනම් ලැබිලා තියෙන්නේ 5.2ක් ඡන්ද 687කින්. මේකෙ අධ්‍යක්ෂක ගැන කිව්වොත් John Lyde. මේක ලියලා තියෙන්නේ Jason Faller. චරිත ගැන කිව්වොත් Melanie Stone, Adam Johnson, Jake Stormoen ටික දෙනා. මේක Arrowstorm Entertainment ආයතනය නිෂ්පාදනය කරලා තියනවා. මේක ඇමරිකානු චිත්‍රපටයක්. ලස්සන කතාවක් කියවලා බලලා ගන්න කියලා ආරධනා කරනවා.
ඉතින් කතාව ගැන කිව්වොත්, මේකෙදි වෙන්නේ මේ මිතිකාගේ කණ්ඩායමක් තියනවා. මෙයාගෙ මේ කණ්ඩායම ගෝජන් කියලා කෙනෙකුට තමයි අයිතිවෙන්නේ. මෙයාලා දෙයක් හොයනවා. ඒකට කියන්නෙ ඩාක්ස්පෝර් කියලා. මේ ඩාක්ස්පෝර් එක තියෙන්නෙ ක්‍රෑර අද්මිරාල් කෙනෙක්ගාව. අද්මිරාක් කිව්වට මෙයා ගෑනු කෙනෙක්. ඉතින් මෙයා වාහනේක තමා එකත් අරන් තව කුමරියෙකුත් අරන් එන්නේ. ඔය එන අතරේදි මිතිකා පාර මැද්දට පැනලා වාහනේ නවත්තනවා. ඊටපස්සෙ මෙයාව අල්ලගන්න කියලා අණ කරද්දි ලොකු වලියක් ගිහින් වැඩේ සෙට්ල් වෙනවා. ඔයා වෙද්දි සෝලොක් කියලා කෙනෙක් එනවා. ඔයාලා දන්නවනේ හැම ෆිල්ම් එකකම වගේ හතුරෙක් ඉන්නවනේ. මේකෙ හතුරා සෝලොක්. මෙයා එන්නෙත් ඩාක්ස්පෝර් එක ගන්න. ඇවිල්ලා ඉද්දි මළවුන් තුන්දෙනෙක් ගෙන්නනවා මෙයා. ඊටපස්සෙ ඔතනට ගෝජන් එනවා. ඇවිල්ලා මෙයාව මළවුන්ගේ ලෝකයට එක්කන් යනවා. ඊටපස්සේ මේකත් (ඩාක්ස්පෝර්) අරගෙන පන්සලකට යන්න තියෙන්නේ……………… අරගෙන ගිහින් එතන දෙවඟනක් ඉන්නවා. එතනදි සෝලොක් ගෝජන් මරලා ඔතනට එනවා. ඇවිල්ලා මේ සෝලොක් ගාව තමා අයන් ක්‍රවුන් එක තියෙන්නෙ. ඊටපස්සේ සෝලොක් මේ ඩාක්ස්පෝර් එක ගනියිද? මිතිකාට මොකක් වෙයිද? අයන් ක්‍රවුන් එහෙම නැත්තම් යකඩ ඔටුන්නට මොකක් වෙයිද? කියලා බලන්න එන්න කියලා ආරාධනා කරනවා. කතාව මෙතනින් ඉවර කරනවා.











